Anonymous Reporter

පාවා දෙන්නන්ගේ අවසන් අවස්ථාව……

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ  (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත හදිසි ලිපියක් යොමු කරමින් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට කටයුතු කළා.

ඔහුගේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබඳව සලකා බැලිමේදි මහත්තයෙකු ලෙස ඔහු ආමන්ත්‍රණය කිරිම නුසුදුසු නැත. සිය ඉල්ලා අස්විම යවමින් ඔහු යැවු ලිපිය දෙස විමර්ශණාත්මකව බැලිම කාගෙත් ඇගට ගුණ බව අපගේ අදහසයි.

එසේනම් සූසිල් කියන ආකාරයට, සන්ධානයෙන් අපේක්ෂකත්වය හා කණ්ඩායම මෙහෙයවිමේ බලය මහින්දට ලබා දි ඇත්තේ මෛත්‍රීගේම කැමත්තේමි.

මහා මැතිවරණයට සන්ධානයක් ලෙස නාමයෝජනා ලබාදුන් දිනයේ සිට මැතිවරණයේ අවසාන දිනයේ සුසිල් දොට්ට දැමිම දක්වා මෛත්‍රී කරන ලද අවජාතක වැඩ කිසිවක් ගැන වචනයකින්වත් සුසිල් සිය ලිපියේ සටහන් නොකලේ එක්කෝ සුසිල් මෛත්‍රීට එති බය නිසා විය හැක….නැත්නම්…මේ සියල්ලම සුසිල් විසින් දැනුවත්ව සිදුවු එවා විය හැක.

වඩාත්ම ගැලපෙන පිලිතුර වන්නේ සුසිල් සියල්ල දැනුවත්ව සිදුවු  බව ඔහු මේ දක්වා ක්‍රියා කල අකාරයෙන් හැඟී යන බවයි.

සුසිල් ගහපු ගේම් එක ගැන වැඩිය කතා කරන්නට ඔනෑ…නැත…ඔහු ඒ ගේම නොගැහුවානම් අද ඔහුටත් වන්නේ මෛත්‍රීගේ පරාජිතයන්ගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට හොරෙන් රිංගා එජාපයේ පිළේ ලගින්නටය.නමුත් මේ අවසාන අවස්ථාව බව සුසිල් තරයේ මතක තබාගත යුතුය…රටේ ජනතාව යලිත් ඔබට අවස්ථාවක් ලබා නොදෙනු ඇත.

hhf

Top