Anonymous Reporter

ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අනිවාර්‍යයි

සිංහල දේශය විසින් සැලසුම් සහගතව දෙමළ දේශය වෙත සිදුකල ජාති ඝාතනයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බවත් මෙය අපරාධ නඩුවක් ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විභාග කර රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තුරු තමන් ඇතුලු කණ්ඩායම සටන් වදින බව එම්.කේ ශිවාජිලිංගම් පවසා තිබේ.

sivaji lingam

“අභ්‍යන්තර පරීක්‍ෂණය අපට යුක්තිය ඉටුනොකරනු ඇත” “ඝාතකයින්වම විනිසුරුවන් කල හැකිය?”

 

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණය පවත්වා ඇති බවත්, එහි වාර්තාව ඉදිරි දින කිහිපය තුලදී නිකුත්වනු ඇති බවත්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසයි.ඔහු සදහන් කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් තමාත් තම පක්‍ෂයත් අවධාරණය කළ බවත් පසුගිය වසරේ මාර්තු මස ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, යෝජනාවක් සම්මත කළ බවත්, එම ජාත්‍යන්තර පරීක්‍ෂණය පවත්වා ඇති බවත්, එහි වාර්තාව ඉදිරි දින කිහිපයේදී නිකුත් වනු ඇති බවයි.

 

Top