Featured

රනිල් ජාතික ආණ්ඩුව අත්හරී -සෝභිතගේ රොටිය කරවිමේ රහස මෙන්න

බෙදුම්වාදීන්ට ආතල් පිට ආතල් ලබා දෙද්දි රොටිය කර නොවු සිවුරු ලා ගත් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි හදිසියේම තැටියට අත පුච්චාගෙන යහපාලනයට බුරන්නට හේතුව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය අනුව අමාත්‍ය මණ්ඩලය 30කට සීමා විය යුතු වුවත් ජාතික ආණ්ඩුව යන වචනය භාවිතා කරමින් රජය ජනතාව නොමග යවනවා “මෛත්‍රි බොරු කාරයෙක් ,ඔහු අපිට පයින් ගැහුවා ,යහපාලන බෝඩ් එකක් අල්ලන් වෙන මොකක්දෝ මගුලක් කරනවා”…..යන වාග් මාලාව භාවිතා කරමින් මෛත්‍රීපාල සිරිසේනට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අවජාතක ආණ්ඩුවේ බත් බැලයන් වු ඇමතිවරුන්ට පහරදිමට හේතු වි ඇත්තේ රනිල් -සජිත් පාර්ශවයෙන් අතර පවතින ගැටුම හේතුවෙන් බව අනාවරණය වි තිබේ.

ජනාධිපතිවරයා දිගින් දිගටම සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් සමිපව කටයුතු කරන බවත් ඒ හරහා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව රනිල් කල්ලිය පසුගිය සතියේ ඇමතිධුර බෙදාදිම සම්බන්ධයෙන් වු සාකච්ඡාවේදි පෙන්වා දි තිබේ.පසුගිය මහා මැතිවරණයේ අවසන් දින කිහිපය තුල ආණ්ඩුවක් පිහිටු විමට රනිල් අසමත් වුයේ නම් අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පරාජයත් සමග තවදුරටත් රනිල්ව නායකත්වයේ තබා නොගැනීමට එජාප පෙරළිකාර කණ්ඩායම තීරණය කර තිබුනු අතර  එක්සත් ජාතික පක්ෂයේ ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයකට අනුව සජිත් ඇතුලු කණ්ඩායම පක්ෂ නායකත්වය ඇල්ලිම සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද සහය ලබාගෙන තිබුනා.

මෛත්‍රීගේ සහය සජිත්ට ලබාදිම පසුපස කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජා සිටින අතර ඔහුගේ නියෝග මත පරාජයත් සමගම පක්ෂ් නායකත්වයට සජිත්ව නම් කිරිම සදහා අවශ්‍ය මෙහෙයුමට මෛත්‍රී සහය ලබාදි තිබේ.

ඒ අනුව ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියා කැපිමේ තියරීය භාවිතා කල රනිල් වික්‍රමසිංහ උග්‍ර රනිල් වාදියෙකු වන සෝභිත හිමි යොදවා  මෛත්‍රීපාල සිරිසේනට හා ශ්‍රිලනිප වන්දිභට්ටයන්ට මාධ්‍ය හරහා පහරදිමට කටයුතු සම්පාදනය කර තිබේ.ඒ අනුව රනිල්ගේ කණ්ඩායම නියෝජනය කරන බඩ මහත පොරක් සොභිත හමුවි ඇති අතර එම සාකච්ඡා වල ප්‍රථිපලයක් මත සොභිත යහපාලන ආණ්ඩුවට ගල් ගැසිම ආරම්භ කර තිබේ.

ජාතික ආණ්ඩුව මල වදයක් වන බවත් ඉතා ඉකමනින් ශ්‍රිලනිපයෙන් 20ක් පමණ එකතු කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සෑදිය යුතු බවද රනිල් වාදින් එහිදි පෙන්වා දි තිබේ.

මිට අමතරව පසුගිය මැතිවරණ දෙකෙහිම රෙදි නැතුව කඩේ ගිය පුරවැසි සංවිධාන වලට වහාම මාධ්‍ය හමු පවත්වා යහපාලන් ආණ්ඩුව විවේචනයි කරන ලෙසත් ඒ සදහා අවශ්‍ය සියලුම පහසුකම් අග්‍රාමාත්‍ය කාර්‍යාලය හරහා සකසා දෙන ලෙසද රනිල් සිය කණ්ඩායමට දැමුම් දි තිබේ.

Top