Featured

සජිත්ගේ තටුකපන මෙහෙයුමේ ඊලඟ ගොදුර කැසිනෝ මුසා -ඌරාගේ මාලු ඌරාගේ පිටෙම කපයි

සජිත් වාදින් කපා දැමිම සදහා ඉතාම සියුම් ආකාරයට ක්‍රියාත්මක කරන රනිල් වාදින්ගේ ඊළග ගොදුර බවට කැසීනෝ මුසා හෙවත් කොළඹ මහනගර සභාවේ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් පත්කර තිබේන බව අප ඔත්තුකරුවන් අනාවරණය කර තිබේ.මුසාගේ කැසිනෝ ජාතකය කියවන්න –මුසාගේ කැසිනෝ ජාතකය

සජිත් කල්ලිය අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුයේ නම් රනිල්ව නායකත්වයේ එලවා කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජා සහ  එක්සත් ජාතික පක්ෂයේ ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයකට අනුව සජිත් ඇතුලු කණ්ඩායම පක්ෂ නායකත්වය ඇල්ලිම සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද සහය ලබා ගැනිමත් සමග සජිත් කල්ලියට මර්දණය කිරිමට රනිල් වෙනම කොන්ත්‍රාත්තුවක් ලබා දි තිබේ.

කියවන්න -රනිල් එජාප නායකත්වයෙන් දොට්ට-සජිත් ගෙන මෙහෙයුම මෛත්‍රී,කිලී අතට ගනී

ඒ සදහා රනිල් වාදින් සිමිත මෙහෙයුම් රැසක්ම ක්‍රියාතමක කල අතර ඊළග මෙහෙයුම වි ඇත්තේ සජිත්ගේ කොළඹ ඉත්තා ලෙස කටයුතු කරන ඒ.ජේ.එම්. මුසම්මිල් කපා දැමිමය.ඌරාගේ මාලු ඌරාගේ ඇගේ තබා කැපිමේ රනිල්ගේ මෙහෙයුමේ කොටසක් වශයෙන් කලක් සජිත් වාදියෙකු ලෙස කටයුතු කර පසුගියදා මනාප අහිමි කර පරාජයට පත්කල රොසී සේනානායකය.

ඡන්ද වංගු ගහපු හැටි රෝසීත් කියයි- මම අධිකරණයට යනවා

ඒ අනුව ඉතා  ඉක්මනින්ම කොළඹ මහනගර සභාව විසුරුවා මැතිවරණය පැවැත්විමටත් එහිදි කොළඹ මහනගර සභාවේ පුරපති ධුරය හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මියට ලබාදිමට කටයුතු කරන ලෙස රනිල් වාදින් රනිල් වික්‍රමසිංහට යොජනා කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ප්‍රකශිකා තනතුර රෝසි සේනානායකට ලබාදිමට කටයුතු කලේ  එම ප්‍රචාරක කටයුතු පහසුකර ගැනිම සදහා බවද අනාවරණය වී තිබේ.ඒ අනුව මේ වනවිටත් රෝසී සේනානායක මහත්මිය තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සදහා මාධ්‍ය එකකයක්ද සිය නිවසේ ස්ථාපනය කර තිබේ.

 

 

Top