Political

නැති අගමැති කම ඉල්ලා ලක්ෂ 9 ක සඳුන් පුදයි

යලිත් කෙසේ හෝ තමන් රටේ අගමැති කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 9 ක් පමණ වටිනා සඳුන් කිලෝ 77ක් ගුරුවායුර් ශ්‍රී ක්‍රිෂ්ණ දේවාලයට(Guruvayur Sri Krishna Temple) පුජාකර තිබේන බව අප ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) අනාවරණය කර සිටි.

ඉන්දියාවේ ඇතුලු ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන් ජනප්‍රියතාව පතා මෙම විශේෂ සදුන් පුජාව සිදුකරන බවද අප වාර්තාකරු සදහන් කළා.

ඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීයාව විසින් ඉහළ ආරක්ෂාවක් ලබාදි තිබෙන බවත් ඒ සදහා ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 1000ක් පමණ යොදවා තිබෙන බවද ඔහු සදහන් කළා.

මේ අතර ඉන්දිය රෝ සංවිධානයේ ප්‍රධානින් සහ මෝදිගේ විශේෂ නියෝජිතයෙකු සමග ද රහසිගත සාකච්ඡාවක් සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වි තිබෙන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

ඒ පිළිබඳව තොරතුරු බලාපොරොත්තු වන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top