Political

දෙමළ දේශයක් ගැන ගජේන්ද්‍රකුමාර් කියයි

ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයින්, සිංහල ජාතිකයින් ලෙස දේශයන් දෙකක් පිළිගත යුතු බව දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්‍ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් උතුරේ මාධ්‍ය හමුවේ පවසා තිබේ.ඒ සදහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ස්වාධීන දේශයක් පිහිටුවා පෙඩරල් ක්‍රමයක් ඇති කළ යුතු බවත් එවිට දෙමළ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය සමගින් මේ රට තුල ජීවත් විය හැකි බවයි ඔහු පවසා ඇත්තේ.

“කිසිවෙකු සමග සාකච්ඡා කිරීමට අප සූදානම් නොමැත. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට උතුරු නැගෙනහිරින් ස්වාධීනව තරඟ කරන්නෙමු. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති කිසිවිටෙකත් ජයග්‍රහණය නොකරනු ඇත. 

බලය බෙදුවත් ඒවා නැවත රජය අත් පත් කරගනු ඇත. එබැවින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති තුලින් දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුව විසඳිය නොහැකිය. 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙම ප්‍රතිපත්තියම ඉදිරිපත් කරමින් අපගේ කටයුතු සිදුවනු ඇත. තවද, මෙය අපගේ ඉලක්කයක් පමණක් නොව, සමස්ථ දෙමළ ජාතියේ ස්ථාවරයයි. එම පදනමින් අපත් අපගේ තීරණ ගන්නෙමු” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top