LNN SPY

මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න

යන්තම් අටවාගත් යහපාලන ආණ්ඩුවේ ජනප්‍රියත්වය දින සියයෙන් අභාවයට ඇද දමමින් රටේ ජනතාවගේ නොමද ආදරයට පත්වෙමින් සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ ආකර්ෂණ බලය බිඳ දැමිම සදහා කිසිවක් කරකියාගත  නොහැකිව නොහැකියාවෙන් පෙලෙන් මෛත්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්න මහින්දට එරෙහි විශේෂ යාගයක් පවත්වමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ. 

පසුගිය දිනක පාන්දර ජාමේ මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ මෙම යාගය ආරම්භ කර තිබේ.දින ගණනක් මෙම යාගය පැවැත්විමට නියමිත අතර රාජිත සේනාරත්නද අවස්ථා ගණනාවක මෙම ස්ථානයට පාන්දර 2ත් 3ත් අතර පැමිණ යනු අවස්ථා ගණනාවකම ඇවිත් යනු අප වාර්තාකරු නිරික්ෂණය කර තිබේ. ශාන්ත කපු මහතාගේ නිවස වටා සිවිල් ඇදුමින් සැරසුනු ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම් 24 පැයේම සැරිසරන බවද අප වාර්තාකරු අනාවරණයි කළා.

ලබන 25 වැනිදා දක්වා ශාන්ත කපු මහතා තමන්ගේ ශාන්තිකර්ම කටයුතු නොකරන බවට ප්‍රදර්ශණ පුවරුවක්ද සවිකර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන අසනීප වී කොළඹ යුධ හමුදා රෝහලට ඇතුලත් වු බව අප එදා වාර්තාකල අතර අප එහිදි අනාවරණය කළේ කිසියම් ගුප්ත කරුණක් නිසා මෛත්‍රීපාල සිරිසේන රෝහලට ඇතුලත් ව සිටින බවයි.

අදාළ යාගය සම්බන්ධයෙන් සාකච්ඡා හමුදා රෝහල තුල පවත්වා ඇති අතර එම සාකච්ඡා සදහා රාජිත සමහ දුමින්ද දිසානායකකද මෛත්‍රීපාල සමග සම්බන්ධ වි තිබේ.එම සාකච්ඡාවෙන් පසුව මෙම යාගය සිදුකිරිමට කටයුතු සම්පාදනය කර තිබේ.

මෛත්‍රී සිංහලයාගේ අවුරුද්ද මඟ හරී- අවුරුදු අස්සේ සිරිසේන රෝහලේ

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top