LNN SPY

මහින්දට දෙන්න බැරි ජාත්‍යන්තරය නිසාලු…මෛත්‍රීපාලගේ අලුත්ම ගුණ්ඩුව

තමන් මහින්ද රාජපක්ෂ සමග සම්බන්ධ විමට කැමැත්තෙන් සිටියද ජාත්‍යන්තරව තමන්ට එල්ලවන පීඩනය හමුවේ තමන් අසරණව සිටින බව ශ්‍රි ලංකා නීදහස් පක්ෂයේ ප්‍රබලයන් සමග පැවති රැස්විමකදි ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.ඉන්දියාව,එංගලන්තය හා අමෙරිකාව මහින්ද රාජපක්ෂ සමග සබඳතාවයන් ඇති කර ගන්නවාට දැඩි ලෙස විරුද්ධ බවත් එම රටවල් හරහා එල්ලවන පීඩනය මහින්ද රාජපක්ෂ දරාගෙන සිටියේ කෙසේද යන්න තමන්ට සිතා ගැනිමටවත් නොහැකි බවද මෛත්‍රී පවසා තිබේ.

“මට මෙහෙන් මෝදි අගමැතිතුමා එකක් කියනවා…අරහෙන් තව එකක් කියනවා…මට එ අය කියන දේවල් නොකරත් බෑ …කරලත් බෑ…. අනේ මන්දා ….මහින්ද සර් කොහොම මේවට මුහුණ දිගෙන වැඩ කලාද කියලා.

මේ අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ ජාත්‍යන්තර පීඩනය හමුවේ යැයි කියමින් ඉදිරි මැතිවරණයේදි මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක කම නොදි සිටිමේ මෙහෙයුමක මෛත්‍රීපාල සිරිසේන යෙදි සිටින බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top