Featured

හමුදාව සම්බන්ධ වැඩසටහන් හා රණවිරුවන් යන් වචන එපා-රාජ්‍ය මාධ්‍යට අලුත්ම පාඩමක්

යුධ හමුදාව සම්බන්ධයෙන් වැඩසටහන් හෝ රණවිරුවන් යන නාමය භාවිතා කරමින් වැඩසටහන් කිරිම සම්පූර්ණයෙන් නතරකිරිමට කටයුතු කරන ලෙසට රාජ්‍ය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානින් හට අගමැතිවරයා නියෝග කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.පසුගියදා අරලියගහ මන්දිරයෙදි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් පමණක් හමුවු අග්‍රාමාත්‍යවරයා යුධ මානසිකත්වයෙන් රටේ ජනතාව මුදවා ගැනිම සදහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කලයුතු බවත් ඒ සදහා අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානි සාගල රත්නායක මහතා යටතේ විශේෂ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවද අගමැතිවරයා සදහන් කර තිබේ.

පලමු පියවරේ රාජ්‍ය මාධ්‍ය හරහා මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමටත් පසුව පෞද්ගලික නාලිකා හරහාද මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට සුදානම් බවද අගමැතිවරයා සදහන් කර තිබේ.මේ වනවිටත් පෞද්ගලික නාලිකා දෙකක් ඒම එකඟතාවයට පැමිණ තිබේන බවද ඔහු සදහ කර තිබේ.

රණවිරුවන් අනවශ්‍ය ප්‍රමාණයට රටතුල උලුප්පා දැක්විම හා ඔහුන් විරයන් කිරිම හේතුවෙන් ජාත්‍යන්තරය තුල රටට පිලිගැනිමක් ලබා ගැනිම ඉතා අපහසු තත්ත්වයක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දි ඇත්තේ.

Top