Featured

රට මස්තබාල්දු කල “රෝ” ඔත්තුකරුවන් මෙන්න

ජනතාවාදි රාජපක්ෂ ආණ්ඩුව පෙරලා ජාත්‍යන්තරවාදි යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරිම සදහා ඉන්දිය රෝ සංවිධානය බිලියන් ගණන් මුජ්දල් පොම්ප කරමින් අවසානයේ මෛත්‍රීපාල වැනි රූකඩ පාලකයෙකුට පිංසිදුවන්නට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත් රෝ සංවිධානයේ මාසික පඩි ලබන රනිල් ගැත්තේක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මලිත් ජයතිලික සිය පැටිකිරිය හෙලිවිම හෙතුවෙන් කලබලයට පත්ව මෛත්‍රීගේ  සම්බන්ධීකරණ ලේකම්වරයා  නීතිඥ ශිරාල් ලක්තිලකද ලග තබාගනිමීන් සුද්ධ වන්තයා විමට උත්සහ දරා තිබේ.

ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවා පසුගිය කාලසිමාවේ අනාවරණය කල අතර එයින් කලබල වු මලිත් ජයතිලික පදනම් විරහිත අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරිම නිසා තමාට සිදුවු අපකීර්තියට වන්දි ඉල්ලා එන්තර වාසි යවමින් කියා සිටියේ  ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධතාවයක් තමා හා ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හෝ රෝ ඔත්තු සේවය සමඟ ඇති බවට ඔප්පු කළහොත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවය.

2015 ජුලි 9 වනදා පැවැත්වුණු රැස්වීමකදී ආචාර්ය නලීන් ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා පිළිබඳ සිදු කරන ද අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම මහතාගෙන් සහ එම පුවත පළ කළ දිවයින පුවත්පතෙන් එක්ව සහ වෙන් වෙන්ව මිලියන 100ක හෙවත් කෝටි 10ක වන්දියක් ඉල්ලා මෙම එන්තර වාසියයවා තිබේ.

ආචාර්ය නලීන් ද සිල්වා මහතා පසුගිය ජුලි මාසයේ ගල්ගමුවේ දී පැවති රැස්වීමකදී මලිත් ජයතිලක මහතා ඉන්දියානු රෝ ඔත්තු සේවයේ ඒජන්තවරයෙකු බව අනාවරණය කළා.

ඉන්දිය රෝ සංවිධානයේ රහසිගත සමාජිකයෙකු අන මලිත් ක්‍රමාණුකූල සන්ධාන ප්‍රචාරක මෙහෙයුමට සම්බන්ධ වන අතර පසුව ක්‍රමිකව මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බවට ඉන්දිය රජයේ අනුදැනුම මත “රෝ” සංවිධානය සාදාදුන් විද්‍යාත්මක වාර්තාව එවකට සන්ධාන මන්ත්‍රිවරුන්ට සහ ඇමතිවරුන්ට නිරන්තර පාඩමක් ලෙස කියා දෙමින් ඔහුන් රාජපක්ෂ රජය කෙරෙහි මන්ත්‍රිවරුන්ට අනපේක්ෂිත භාවය ගොඩනැගිමේ පලමු පියවර තැබුවේ මේ කියන මලිත් ය.

රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමිමෙන් පසුව ඉන්දිය රජය “රෝ” සංවිධානය හරහා බිලියන 10ක මුදලක් මලිත් ජයතිලකට  HSBC බැංකුවේ තැන්පත් කර ඇති අතර ඊට අමතරව මෛත්‍රීපාල හරහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිධුරයත් දිල්ලි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් අවසන් නොකර තිබු පශ්චාත් උපාධියද ඉන්දිය රජයේ අනුදැමුම මත ලබාදිමට කටයුතු කර තිබේ. (ඔප්පු කිරිමට ප්‍රමාණවත් සාක්ෂි ඇත )

මලිත් ජයතිලක සමඟ ‘මව්බිම’ කළ සංවාදය හරහාද අප මේ ඉදිරිපත් කරන කරුණු පිලිගෙන තිබුනා…

 

>ඔබ ජනාධිපතිවරණයට මාස අටකට පෙර අනාවැකියක් පළ කළා?

ඔව්. අනාවැකියක් කියන්නෙ අවිද්‍යාත්මක අනාවැකියක් නෙවෙයි. විද්‍යාත්මක අනාවැකියක්. අපේ සන්ධාන ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලයේ මා ඇතුළුව තව කීප දෙනෙක් එකතු වෙලා මේ මතය ඉදිරිපත් කරන්න කණ්ඩායමක් විදියට ගියා. පසුගිය මැතිවරණවල ප්‍රතිඵල පදනම් කරගෙන සහ සුළු ජාතීන්ගේ ඡන්ද හැසිරෙන රටාව පදනම් කරගෙන තමයි මේ වාර්තාව සකස් කළේ. එම වාර්තාව සකස් කරද්දී ප්‍රධානතම දේ තමයි සිංහල බෞද්ධ පදනම මත පදනම්ව ඡන්දය ඉල්ලන ජනාධිපති අපේක්‍ෂකයා පරාදයි කියන එක. ඒ නිසා එම පදනම මත පිහිටා ඡන්දයට ඉදිරිපත් වුණු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය වන බව මම එකහෙළා කිව්වා.

>කාටද ඔබ කිව්වේ?

මම එවකට ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිවරු 21ක් ළඟට ගිහින් එක් අයකුට පැය තුන බැගින් ගෙන මේ මතය ඉදිරිපත් කළා.

>ඉතින් ඔවුන් ඒ මතය පිළිගත්තද?

කිහිපදෙනෙක් පිළිගත්තා. නමුත් බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා මාව දරුණු ලෙස විවේචනය කළා. ඔවුන් කීවේ මගේ මතය සන්ධාන මන්ත්‍රින් හට මහින්ද රාජපක්‍ෂ පරදිනවා කියන මතය ගෙනියන වැඩපිළිවෙළක්, කුමන්ත්‍රණයක් කියලා.

>ඔබ මහින්ද පරදිනව කියද්දී ජයග්‍රහණය කරන අපේක්‍ෂකයෙක් හිටියෙ නෑ?

ඔව්… නමුත් මෛත්‍රිපාල ජනාධිපතිතුමා මාත් එක්ක ළඟ හිතවත්කම් තිබුණා. සමහර විට ඔහු පොදු අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වීමට මගේ මතයත් බලපාන්න ඇති.

>මම ඔබට චෝදනා කළොත් ‘මහින්ද රාජපක්‍ෂ’ පැරදවීමේ කුමන්ත්‍රණයේ ඔබත් කොටස්කරුවෙක් කියලා?

ඔහොම නෙවෙයි මට කීවෙ. අරලියගහ මන්දිරයේ මා පිළිබඳ ඊනියා නිගමනයකට ඇවිත් හිටිය. ඒ තමයි මම රෝ සංවිධානය විසින් මෙහෙයවන කුමන්ත්‍රණකරුවෙක් විදියට. එනිසා මට මරණීය තර්ජන පවා තිබුණා.

>ඔබට රෝ සංවිධානයත් සමඟ යම් සම්බන්ධයක් තිබෙනවද?

කිසිසේත් නෑ. තාර්කිකව ඔවුන් මේ මතය ගොඩනඟන්නෙ මම දිල්ලි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධිධාරියෙක් නිසා.

Top