LNN SPY

මහින්ද ඔනෑ නම් කොන්දේසි දෙකක්!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ  එක්සත් ජනතා නිදහස් සන්ධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එළඹෙන මහා මැතිවරණයෙදි එක්ව තරග කිරිමට අරාධනා කර සිටින්නේ නම් ඒ සදහා ප්‍රධාන කොන්දේසි දෙකක් ඇතුලු කොන්දේසි කිහිපයක් දැමිමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම තිරණය කර තිබේන බව අප වාර්තාකරු පවසයි.

 ඒ අනුව පලමුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරිම සහ මැතිවරණය මෙහෙය විමේ සම්පුර්ණ බලය මහින්ද රාජපක්ෂ මහතාට පැවරිම යන කොන්දේසි දෙක ප්‍රධාන වේ.

මහින්ද රාජපක්ෂ මහතා සහ උගත් බුද්ධිමතුන් සහ සහය දක්වන සියලුම මන්ත්‍රීවරුන් සහ ජනතා නියෝජිතයන්ගේ එකමුතුවෙන් මෙම තිරණයන් ගෙන තිබේ. මෙම මුලික කොන්දේසි දෙකට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය එකඟ වන්නේ නම් ජයග්‍රහණය කර රට රැගෙන ගොස් බෙදුම්වාදීන් පරාජය කිරිමට හිටපු ජනපති සුදානම් බවද සදහන් කර තිබේ.ඒ වාගෙම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කැඩි යැමට නොදි ආරක්ෂා කර ගැනිමටද මේ හරහා ඉඩ ලැබෙනු ඇත.

නමුත් තවදුරටත් මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් එකතුවි කුමන්ත්‍රණ දියත් කරමින් කටයුතු කළහොත් මහින්ද රාජපක්ෂ මහතා වෙනත් විකල්පයක් තොරා ගනු ඇති බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top