LNN SPY

අස්සයා ගියාට පසු ඉස්තාලය වැසීම….

රාජ්‍ය වියදම් පියවා ගැනීමට දේශීය වෙළඳ පොළින් රජය දැවැන්ත ලෙස ණය ගනිමින් සිටියත් මෙරට වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ අප්‍රේල් මාසයේදී අඩු කිරීමට මහ බැංකුව අනපේක්ෂිත ලෙස  ඊයේ  කටයුතු කර තිබේ.

මේ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාත  0.5 % කින් අඩු කිරීමට මහ බැංකුව කටයුතු කර තිබෙන අතර නව පොලී අනුපාත  06% ක් සහ 7.5% ක් දක්වා අඩුකර ඇත. මේ දේශීය වෙළඳ පොළේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් අලෙවිකර රජය සපයා ගන්නා ණය සීමාව වැඩිකර ගැනීමට රජය ගත් උත්සාහය පසුගියදා අසාර්ථක වීම හමුවේ  භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරමින්  ණය සම්පාදනය කර ගැනීමට රජය යොමුවන් බවට පෙර  ලකුනක්  බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

මහ බැංකුව දුවන්නට රනිල් වික්‍රමසිංහ සිංගපූරුවෙන් ආනයනය කල අර්ජුන් මහෙන්ද්‍රන් මොන තරම් ලෝක හොරෙක්දැයි  මෙයින් තවත් තහවුරු වෙයි. මාසයකට කලින් ඔහු  බැදුම් ණයකර හරහා මහ බැංකුවට 12.5% පොලියට 30 අවුරුදු ණයක් තම බෑණා වන අර්ජුන් ඇලොසියස්ගෙන්  ලබා ගැනීමෙන් තම දුවට බිලියන 10ට වැඩි අමතර දෑවැද්දක් උපයා දුන්නේය. 

මේ හොරකම නිසා රටෙ පොලී අනුපාතය ඉහල ගොස් මර්තු මසයේ පමනක් රජයට රුපිල බිලියන් 42 ක අලාබයක් සිදුවිය. මෙම වසරේ රටට වන ස්මස්ථ පාඩුව රුපියල් බිලියන 400 ඉක්මවන බව විද්වතුන් පෙන්නාදුන්නාට පසු ඔහු මහ බැංකු පොලී අනුපාතය 6% බස්සා ඇස් බැන්දුම් කරයි.( මේ කරන්නේ යහපාලන අගමැති  රනිල් වික්‍රමසිංහ කියන අකාරයට අනිවාර්‍ය නිවඩු පිට සිටින ගමන්ය )  එයින් එන අවුරුදු 30 ට බෑනාට ගෙවන 12.5% පොලිය අඩුනොවෙන බව මේ රටේ මහජනතාව දැනගත යුතුය. මෙසේ පොලී අඩුකිරීමට ප්‍රතිපත්ති තීරනයක් ගැනීමට මහ බැංකුවට ඕනෑම වෙලාවක හැකි නිසා වැඩි පොලියට ණය ගන්නා විට අවුරුද්දක පොලියට නොගෙන අවුරුදු 30 ක්ම මගුල් කන්නට බෑනාට ඉඩ දුන්නේ ඇද්දැය් මේ හොර ගෙඩියාගෙන් ජනතාව ප්‍රශ්න කල යුතුය.  

අවංක චෙතනාවකින් මහ බැංකු අධිපති කම කරනවානම් පොලී අනුපාතය අඩුකරන්නට තිබුනේ පෙබරවාරි 27 බෑනාගෙන් ගිනි පොලියට ණය ගන්නට පෙර නොවේද ? අස්සයා ගියාට පසු ඉස්තාලය වැසීම කියන්නේ මේකටය. හැබය් මේ ඉතිහාසගත බැඳුමකර මගඩිය පිටුපස ඉන්නේ මහ බැංකු ලොක්කා පමනක් නොව විනිමය වංචා නඩු පවා තිබෙන මුදල් ඇමති ඇතුලු සමස්ත යහපාලන හොර කල්ලියම බව අපි නැවතත් මේ රටේ ජනතාවට මතක් කරමු.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top