Featured

“මංගල මේ වෙලාවේ ඔවා ගැන හැමෝම ඉන්න තැන කතා කරන්න බෑ” මංගලගේ කන් කඩා වැටේ

රනිල් වික්‍රමසිංහගේ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම තමන්ගේ අමාත්‍යංශයේ වැඩකටයුතු සම්බන්ධයෙන් මදිහත් වන අකාරය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජනපති මෛත්‍රීපාල සමග පැය ගණනක් ගතුකියා ඇති බව නිව්යෝක් නුවර අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල 70 වැනි සැසිවාරය සදහා sසහභාගි වි සිටින  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විදේශ ඇමති මංගල සමරවීර සහ දහම් සිරිසේන ඇතුලු නියෝජිතයන් කිහිපදෙනකු සමග පැවති සාකච්ඡාවකදි මේ බව කතාබහට ලක්ව ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මංගල කතාව ආරම්භ කිරිමත් සමගම ජනපති පවසා ඇත්තේ….”මංගල මේ වෙලාවේ ඔවා ගැන හැමෝම ඉන්න තැන කතා කරන්න බෑ” යනුවෙනි…පසුව මංගල,මෛත්‍රී සහ දහම් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේන අතර පැය ගණනක් ඔහුන් තනියම සාකච්ඡාවක නිරත වි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඉන්දීය සංචාරය අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවැත්වු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සදහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිම නිලධාරියකු සහභාගි විම අගමැතිවරයා තහනම් කිරිම,ඉන්දු -ලංකා ගිවිසුම් අත්සන් කිරිමෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලතල සියල්ලම වෙනස් කිරිමට  නියෝග කිරිම සහ විදේශ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී සිදු කෙරෙන වෙළෙඳ සහ විදේශ උපායමාර්ග කටයුතු පිළිබඳ තීරණ ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික්‌ සමරවික්‍රම සහ එම රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ නිර්දේශ අනුව සිදු කළ යුතු බවටද අගමැතිවරයා උපදෙස්‌ දී ලබාදිම මංගලගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

සාකච්ඡාවේ තොරතුරු බලාපොරොත්තු වන්න  

 

Top