Featured

කෙප්ප මෛත්‍රී අතේ මාට්ටු -ජාත්‍යන්තර පරික්ෂණයක සහයට ජපාන විනිසුරු ලංකාවට

මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර පරික්ෂණයකට එකඟතාව පලකර ඇති බව තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරිමට  සහයෝගය දැක්වීමක් වශයෙන් විනිසුරුවරයෙකුව ලබන මස ශ්‍රී ලංකාවට එවීමට ජපානය සැලසුම් කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර එම සංචාරයේ එක් අරමුණක්ද මේ බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට වසර ගණනාවක සිට ජපානය පූර්ණ සහයෝගය ලබාදෙන ලදි. වර්තමානයේ ඇතිවී ඇති තත්වයට අනුව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා වන තත්වයන් වැඩිදියුණු කිරීම, සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන විශ්වාසය තමන්ට ඇති බව ඇමරිකානු යෝජනාව  විවාදයට ගත් අවස්ථාවේ ජපාන නියෝජිතයා අනාවරාය කර තිබේ.

මේ අතර  අගමැතිවරයාගේ සමිපතම් මිතුරෙකු වන ස්වාධීන රූපවාහිනී සේවයේ සභපතිධුරය ඉසිලූ මහාචාර්ය ධම්මික ගංගනාත් දිනාසානායක  ජපානයේ ශ්‍රී ලංකා තනාපති ලෙස පත්කර තිබේ.

Top