LNN SPY

මල්ලෙන් පැන්න මෛත්‍රී බළලා

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරනයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂට බාධාවක් නැතැයි  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන සෙනසුරාදා සන්ධානයේ නායකයන් හමුවේ ප්‍රකාශ කල බව, පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රෙමජයන්ත කියයි. හැබැය මැතිවරනයට පෙර අග්‍රාමාත්‍ය අපේක්ෂක නම් කිරීමේ සම්ප්‍රධායක් නැතැයි කියාත් ඔහු එම හුස්මටම කියයි. 

පසුගිය සතියේ කුරුණෑගලදී චන්ද්‍රිකාට පාක්ෂිකයින් හූ කිවාට පසු අනුර ප්‍රියදර්ෂන යාපා ලවා මහින්දට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි  රැලියට සහබාගී වෙන ලෙස ආරාධනාවක් හදිසියේම යැවීමත්, සුසිල් ප්‍රෙමජයන්තගේ ඉහතකී ප්‍රකාශයත් නැගී එන මහින්ද රැල්ල හමුවේ මෛත්‍රී සසල වීමක් ලෙස සමහර මහින්දා හිතවාදීන් හිතුවාට, ඊට සමගාමීව සිදුවු මෛත්‍රී විසින් මහින්ද හිතවාදී ප්‍රබලයන් 5 දෙනෙක් මධ්‍යම කාරක සබාවෙන් ඉවත් කිරීම දෙස බලනා විට මේ සියල්ල කුමන්ත්‍රණයක් පමනක් බව වටහා ගැනීම අපහසු නැත.

මහින්දා විරෝධී චන්ද්‍රිකා, රාජිත, චම්පික ප්‍රමුඛ කල්ලියක් විසින් පාලනය කරනු ලබන මෛත්‍රීපාල එතරම් පහසුවෙන් මහින්දට ලබන ඡන්දයට නායකත්වය දෙන්නට කැමතිවේ යැයි  සිතීම මුලාවකි. මෛත්‍රිපාල කල්ලියට අද අවශ්‍යව තිබෙන්නේ මහින්ද රැල්ල පාලනය කිරීමට මිස එයට හිස නැමීමට නොවේ. අද මෛත්‍රිපාල මුහුන දෙන ප්‍රධාන ගැටලු දෙකක් ඇත. පලමුවැන්න 21දා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වන ව්‍යවස්ථා සංශෝදනය සම්මත කර ගැනීම හරහා මහින්දට නැවත කිසිදිනක මේ රටේ ජනාධිපති වීමට මග වැලකීමට මෛත්‍රිපාල, චම්පික, රනිල් අනුර සම්බන්දන් හකීම් සියලු කල්ලිවලට ඇති දැඩි අවශ්‍යතාව සපුරා ගැනීමටනම් පාර්ලිමේන්තුව තුල සිටින 64 ට වඩා වැඩි මහින්දවාදීන්ගෙ සහායද අත්‍යාවශ්‍ය වීමය. 19 ව්‍යවස්ථා සංශෝදනය මගින් මෛත්‍රිපාලගේ 2015-2020 බල කාලයට අයත් කිසිදු බලතලයක් අඩු නොවේ. ප්‍රධාන වෙනස්කම් කිහිපයද බලපාන්නේ ඊලගට එන ජනාධිපතිවරයාටය. හිටපු ජනාධිපතිවරයෙකුට තරග කල හැකි වාර ගනන 2 ට සීමා කිරීමෙන් ඊලග මැතිවරනයටද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට  මෛත්‍රීපාලම ඉදිරිපත් කරන්නට සිදුවෙනු ඇත.  

පොදු අපේක්ෂක අවශ්‍යතාවක් ආවොත් එහි එල්ලෙන්නට බලන් ඉන්නා චම්පිකටද, මහින්ද මෙන් නොව තමාට මෛත්‍රිපාලව ජනධිපතිවරනයකදී පැරදිය හැකියැයි සිතන යූ ඇන් පී යටද මෙම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් එකම හේතුව මහින්ද බීතිකාවය. මෛත්‍රීපාලට මෙම අවස්ථාවේ ඇති අනෙක් ගැටලුව නම් මැය්දින රැලියට බැරිවෙලාවත් මහින්ද වෙනමම ගියොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ රැලිය දියාරූ වී මහජන බලය සැබෑවටම ඇත්තේ කොතනදැය් මුලු රටම දැන ගැනීමය. ඒ නිසා මොනයම් ක්‍රමයකින් හෝ මැයි දිනය පසුවන තෙක් මහින්දව පාලනය කොට තබා ගැනීමට මොන බොරුවක් හෝ කීමට මෛත්‍රීපාල සුදානම්ය. නමුත් 55 දෙනෙකුන් සමන්විත මධ්‍යම කාරක සබාවේ 28 දෙනෙකුට වඩා තම බත්බැලයන් සිටිනාතාක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල මහින්දට හිස ඔස්වන්නට බැරි බව දන්නා මෛත්‍රීපාල මධ්‍යම කාරක සබාවේ මහින්ද හිතවාදීන්ව දඩයම් කරන්නට හදිස්සි වීමෙන්  බළලා මල්ලෙන් එලියට පැන ඇත.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top