Anonymous Reporter

පොඩි මිනිහට කෙලවේ-මහා බද්දක් අතලඟ

ලබන වසරේ ආර්ථික වර්ධන වෙගය  ඉහල අගයක පවත්වාගෙන යාමට නම් බදු වැඩි කළ යුතු බවට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට යෝජනා කර තිබේ.දෙවසරකට වරක් එළිදක්වන දකුණු ආසියානු ආර්ථික විග්‍රහය ප්‍රකාශයට පත් කරන ලෝක බැංකුවේ පෙරදැක්ම නම් ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5.6% දක්වා ඉහල යනු ඇති බවයි. ඊට හේතුව වශයෙන් වාර්තාව දක්වන හේතුව ‘රාජ්‍ය අංශයේ ඉහල වැටුප් සහ මුදල් අතමිට ගැවසීම,’යි.

කෙසේ වෙතත්, වර්ධනය ඒ මට්ටමට පවත්වාගෙන යාමට නම්, බදු ආදායම වැඩි කොට, පොදු වියදම් සීමා කර තරගකාරිත්වය වැඩි දියුණු කළ යුතු බව ලෝක බැංකුවේ නිර්දේශයයි.

මේ අතර අලුත් ආණ්ඩුවේ මාස අටක පාලන සමය තුලදී විදේශීය සංචිත ඩොලර් කෝටි සියයකින් පහත වැටී ඇති බව ලෝක බැංකුව දක්වයි. මේ වනවිට සංචිතය ඩොලර් කෝටි 650 දක්වා ඉහල යාමට හේතුව ලෙස වාර්තාව පෙන්වා දෙන්නේ රටින් පිටතට මුදල් ගලා යාම, ණය ගෙවීම, වෙළෙඳ ගෙවුම් හිඟය සහ විදේශ විනිමය වෙළෙඳපොලට මහ බැංකුව මැදිහත් වීමයි.

2013 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.4 ක්ව පැවති අයවැය පරතරය පසුගිය වසරේ සියයට 5.7 දක්වා වැඩිවී ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

අයවැය පරතරය ඉහල යාම වලක්වා ගැනීම සඳහා ආදායම් නංවා ගත යුතු බව පවසන ලෝක බැංකු වාර්තාව ඉහල මධ්‍යම ආදායම් ලබන තත්වයට ශ්‍රී ලංකාව ළඟාවීමේදී පහසු ණය ලබා ගැනීම අසීරු වීම අභියෝගයක් වන බව පවසන ලෝක බැකු වාර්තාව, ඉදිරි කාලයේ ගන්නා ණය ආපසු ගෙවීම වඩාත් අසීරු වනු ඇති බවට අනතුරු අඟවයි.

Top