Featured

ජනකව ගත්ත එක ගැන මට කරන්න කිසිම දෙයක් නෑ…

1999දී සිදු වූ මනුෂ්‍ය ඝාතන චෝදනාවකට සැක පිට ශ‍‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම මහින්දට එරෙහි මෛත්‍රී කුමන්ත්‍රණයේම කොටසක් බව ඊයේ අනාවරණය වුනා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමත් සමග දැඩි කැළඹීමකට ලක්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රභලයන් ඊයේ ජනාධිපතිවරයා හමුවි සාකච්ඡා කර ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ “ජනකව ගත්ත එක ගැන මට කරන්න කිසිම දෙයක් නෑ…” යනුවෙනි.

මේ අතර මෙම හමුවට සහභාගි වු ඩිලාන් පෙරේරා මහතා විමසා ඇත්තේ 1999 සිදුවු ඝාතනයක ඇකකරුවෙකු ලෙස ජනක අත් අඩංගුවට ගත්තේ නම් 1988-1989 කාලසිමාවලදි වත්මන් එජාප නායකයා ඇතුලු මන්ත්‍රිවරුන් රැසකට චොදනා එල්ල වි ඇති නිසා ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන්නේද යනුවෙනි….

එයට පිළිතුරු දුන් මෛත්‍රී පවසා ඇත්තේ….”මට කිසි ප්‍රශ්ණයක් නෑ…ඔයාලා පැමිණිලි කරලා එයාලාවත් අත් අඩංගුවට ගන්න” යනුවෙනි….

ජනක බණ්ඩාර නෙන්නකෝන් මහත්මයා මට වෙඩි තිබ්බා’ යැයි 1999 ජනාධිපතිවරණය සමයේදී මාතලේ දිඹුල්ගමුව ප්‍රදේශ‍යේ ඡන්ද ප්‍රචාරක වැඩසටහනක යෙදී සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මිය ගිය 19 හැවිරිදි සමන් කුමාර මිය යාමට මොහොතකට පෙර පවසා ඇති බවත් සමන් කුමාර එසේ පැවසූ අන්තිම වචන හා සම්බන්ධ සාක්ෂිය ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය වෙත ලැබී ඇති අතර එම සාක්ෂියට අනුව ජනක බන්ධාර අත් අඩංගුවට ගෙන තිබේ.

වසර 16කට පසු එම අපරාධ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා රහස් පොලිසියට පැමිණිල්ලක් කර තිබේන අතර එම පැමිනිල්ලට අනුව ජනක අත් අඩංගුවට ගෙන තිබේ.

1999 ජනාධිපතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පිණිස එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් මාතලේ දිඹුල්ගමුව ප්‍රදේශයේ 1999 දෙසැම්බර් 14 වැනි දා ඡන්ද ප්‍රචාරක වැඩවල යෙදී සිටින අතර තුර ඒ අවස්ථාවේ වාහන කිහිපයකින් එම එජාප ප්‍රචාරක වැඩවල යෙදී සිටි අය අසලින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ගමන් කර තිබේ.යන අතරතුර ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම පිරිස දෙසට වෙඩි තබා තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් සමන් කුමාර රෝහල්ගත කර පසු දින මිය ගොස් ඇත. තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇතැයි රහස් පොලිස් වාර්තා සදහන් කරයි.

 

 

Top