LNN SPY

රෝ සංවිධානයෙන් මිලියන් 13ක් අරන් -යලිත් රාජපක්ෂලා දඩයමේ යන ස්මයිලා

රාජපක්ෂලා දියකර හැරිමේ මෙහෙයුමේ බොරු නිර්මාණය කිරිමේ (පච ෆැක්ටරියේ) ප්‍රධානින් ලෙස කටයුතු කල අයගේ ගොලබාලයන් යලිත් රාජපක්ෂලාට ඉව අල්ලන්නේ හොදකට නොවන බව LNW විශේෂ වාර්තාකරු පවසයි.පසුගිය ජනාධිපතිවරණ සමයේ  ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගනිමින් මන්දනා ස්මයිල් අබේවික්‍රම ආරම්භ කල ලංකා හෙරල්ඩ් (Lankaherald) නැමති වෙබ් අඩවිය සදහා ඉන්දිය රෝ සංවිධානය හරහා මිලියන 13ක මුදල් ලබා දි තිබෙන බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) අනාවරණය කර සිටි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂලා අපකිර්තියට පත්කිරිම සදහා ඉන්දිය රජය අත දිගහැර මුදල් වියදම් කර ඇති අතර හිටපු ජනාධිපතිනිය හරහා මෙම මුල්‍ය ගනුදෙනු සිදුවු බවද දැන් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.

මිලියන 13ක් මුදල වියදම් කරමින් බොරුල්ල නගරයට ආසන්න සියලු පහසුකම් සහිත ස්ථානයක් දිර්ඝ කාලින් බදුපදනම යටතේ මිලදි ගෙන ඇති අතර තවමත් එම මුදල් වලින් අඩියක් ගසමින් කට්ටිය සෙට් වෙන බවද වාර්තා වේ.

තවත් මුදල් ගත් සමාජිකයන් රැසකගේ තොරතුරු අප සතුව ඇති අතර අවශ්‍ය විටක එම තොරතුරු ඉදිරිපත් කිරිමට අප සුදානමින් සිටි.

බළලුන් ලවා කොස් ඇට බාවන මංගල තියරිය- පාඨ්ක අදහස් 

“ගෝඨාභයට සුදු හුනු ගා දේශපාලනයට ගෙන ඒම සඳහා මගේ හිටපු ලේකම්වරයෙකුට අයත් වෙබ් අඩවි මගින් ගෙන යන ව්‍යාපාරයට මගේ කිසිදු සම්බන්ධයක් නෑ“ -ඇමැති මංගල සමරවීර….මෙය උපුටා ගනු ලැබුවේ ලංකා ඊ නිවුස් වෙබ් අධවියේ පුවතකිනි.පසුගිය සතියේ වෙබ් අධවි සහ දේශපාලන සමග සම්බන්ධ මාධ්‍යකරුවන්ගේ කතාබහට ලක්වු මාතෘකාව වුයේ ගෝඨාභය රාජපක්ෂ සමග රුවන් ෆර්නැන්ඩස්ගේ srilankamirror වෙබ් අඩවියේ සංස්කාරක කැළුම් ශිවන්ත සහ ලංකා හෙරල්ඩ් නමින් වෙබ් අධවියක් පවත්වාගෙන යමින්  ගෝඨාභය රාජපක්ෂ වර්දකරුවෙකු කිරිමට කටයුතු කල මන්දනා ස්මයිල් අබේවික්‍රම සමග විඩියෝ සංවාදයකට එක් විමයි. ෆර්නැන්ඩස්ලා කුමක් කලත් අපට කමක් නැත.නමුත් මේ රටේ ප්‍රගතිශීලි ජනතාව පරදා බෙදුම්වාදීන්ට මග විවර කර දිම යන කාරණාවෙදි මංගල සහ  ෆර්නැන්ඩස් කියු බොරු කන්ද යලිත් ජනතාව ඉදිරියේ සාධාරණ කිරිම මේ හරහා සිදුකිරිමට උත්සහ ගනිමින් ඉන්නා බව වටහා ගත යුතුය.

මේ මංගලාගේ කුමයයි…..මංගල යනු බළලුන් ලවා කොස් ඇට බාවනා ජාතියේ අයෙකු බව පසුගිය දින කිහිපය හිටපු මාධ්‍යවේදීන් වන දැනට රටින් පැන ගොස් සිටින ශාන්ත විජේසුරිය සහ එකාධිපතියා සාදා රටින් පනින්නට වුනු ජයම්පතිගේ කතාවෙන්ද ඔප්පු වේ.

රුවන්ගේ බළලුන් යලිත් කොස් ඇට බාමින් සිටි.දක්ෂ බළලෙකු කොස් ඇටයක් බා ගතහොත් එය රුවන් අයිති කරගනු ඇත පසුව මංගල එයට වගකියනු ඇත.රටේ ජනයා ගොනාට අදිනු ඇත…..කොස් ඇටය ගන්න ගිහින් රුවන්ගේ බළලෙකු අත පුච්චා ගත්හොත් ….මෙන්න අත පිච්චුනෝ කියා කෑ ගහන්න අයත් ඔනෑ තරම් බලගෙන සිටි……

ජනවාරි 8 වැනිදා කුමන්ත්‍රණයට හසුවු මෙරට ප්‍රගතිශීලි ජනයා යලිත් ගොනාට අන්දන්නට නොහැකි බව මංගල-රුවන් ඇතුලු ඇම්බැට්ටයන් මතක තබාගත යුතුය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top