LNN SPY

මැයි දිනයට චන්ද්‍රිකා නෑ

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැයි දිනයට සහභාගි නොවි රටින් පිටව යැමේ සුදානමක් පවතින බව අප රාජ්‍ය අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන් කරයි.චන්ද්‍රිකා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුලත් ජනතාව තුලත් පවතින අප්‍රසාදය පසුගියදා කුරුණෑගලදි එළිපිට ප්‍රදර්ශණය විමත්,මින් ඉදිරියට පැවැත්වෙන් කිසිදු මැතිවරණයක් මහින්ද රාජපක්ෂ නොමැතිව ජයග්‍රහණය කිරිමට නොහැකි බවත් චන්ද්‍රිකා හිතවාදීන් පෙන්වා දිමෙන් පසුව මෙම තිරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මැයි පෙළපාළියට හෝ රැස්විමට සහභාගි විමට හිටපු ජනාධිපතිනිය කටයුතු කලහොත් යලිත් විශාල විරෝධයක් එල්ල විය හැකි බව න්ද්‍රිකා හිතවාදීන් පෙන්වා දි තිබේ.

මිට අමතරව රටේ පවතින ජනප්‍රියතාවයන්  පිළිබඳව වහාම බුද්ධි අංශ යොදවා සතියක් තුල වාර්තාවක් සකස් කරන ලෙසට චන්ද්‍රිකා මෛත්‍රීපාල සිරිසේනට පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top