Featured

ඇවන්ගාර්ඩ් ගිලගන්න කීලී කෙලිය අරඹයි-රුවන්,අනුෂා,අනුර බිල්ලට දෙයි

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන- බව අනාවරණය වි තිබේ.එහී එක් පියවරක් ලෙස මේවන විට කිලී මහරාජා මෙම ව්‍යාපාරය අත්පත් කර ගැනීම සඳහා විශාල මාධ්‍ය මෙහෙයුමක්ද දියත් කර තිබේ. සිරස මාධ්‍ය ජාලය මේ දිනවල පැයෙන් පැය බ්‍රේකින් නිව්ස් ගසමින් ඇවන්ගාඩ් වයාපාරයට එරෙහිව පුවත් විකාශය කරමින් සිටි.

මේ වන විටත් ‘ග්ලොබල් මෙරිටයිම් සර්විස් ප්‍රයිවෙට් ලිමිටඩ්’ නැමැති ආයතනය හරහා මෙම අවිගබඩා පවත්වාගෙන යාමේ අවසරය ආරක්ෂක අමාත්‍යංශයෙන් අයදුම් කිරීම සිදුව ඇති අතර  මෙම නව ව්‍යාපාර සඳහා වන ව්‍යාපෘති වාර්තාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මෑතකදී එක් වූ සුරූපී ලලනාවක් මාර්ගයෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා වෙත ලබා දි තිබේ.

අනූෂා ජයවර්ධනය ලෙස පෙනී සිටින මැය  හිටපු අගවිනිසුරු වරයෙකුගේ සමීපතම ඥාතිවරියකි. ඉහළ ව්‍යාපාරික ප්‍රජාව අතර ඈ ඉතා ජනප්‍රියය. ඇය තැන තැන කියන්නේ රුවන් තමන්ගේ පෙම්වතා බවය. කොටින්ම අද එම අමාත්‍යංශය පාලනය කරන්නේ ඇය විසිනි. ඒ කෙසේ වූවත් අනුෂාව ආරක්ෂක අමාත්‍යාංශයට හඳුන්වා දෙනු ලබන්නේ නිමල් කුක් විසින්. නිමක් කුක් යනු මහරාජා සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂවරයාය.

ග්ලොබල් මෙරිටයිම් සර්විස් සමාගමේ හිමිකරුවා ලෙස පෙනී සිටින්නේ කරුන්කා සම්පත් නොහොත් යකඩ සම්පත්ය .මොහු පසුගිය කාලයේ ආන්දොලනයට ලක්වූ කරුන්කා ජාවාරමේ එක් පාර්ශවයකි. මොවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘතිය අනුව එය ඇවන්ගාර්ඩ් ආයතනය විසින් සිදුකරනු ලබන පන්නයේ රටකට වගකියන ව්‍යාපාරයක් නොවේ. එය මහ මුහුදේදි ආයුධ හුවමාරු කර ගන්නා ව්‍යාපාරයක් වන අතර ඒ කිසිවිටෙකත් ශ්‍රී ලංකා රජයට හෝ ඇඟිලි ගැසිය නොහැකි රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඉතා අවදානම් සහිත ව්‍යාපාරයක් බවද හෙළිව තිබේ. ආයුධ ජාවාරමෙහි යේදීමේ පහසු හැකියාවක්ද ඔවුන්ට තිබේ. ඇවන්ගාර්ඩ් සමාගමේ ගබඩාවල තිබු ආයුධ රාජ්‍ය සමාගමක් වන ‘රක්නා ලංකා සමාගමේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ තිබුණද මෙම ව්‍යාපාරයේ ආයුධ සම්බන්ධයෙන් රාජ්‍යයට ඇඟිලි ගසන්න්ට නොහැක. එහෙත් මොවුන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස කොළඹ වරායත් ත්‍රිකුණාමලය වරායත් යොදා ගනී. මේ සඳහා වන බලපත්‍රය ලබා ගැනිම සඳහා නිමල් කුක් වත්මන් රජයේ ප්‍රධානින් කිහිප දෙනෙකුම මේවන විට බිලී බාගෙන ඇති අතර ඇවන් ගාඩ් ව්‍යාපරය ඉලක්ක කර ගනිමින් අවලාද ව්‍යාපාරය කර ගෙන යන්නේ එම දේශපාලකයන් විසින්ය.

එමෙන්ම මේ බලපත්‍රය ලබා ගැනිම සඳහා මහරාජා වෙනුවෙන් වෙහෙසෙන අනෙක් තැනැත්තා රුවන් විජේවර්ධනගේ සම්බන්ධීකරන ලේකම් වරයකු වන කරුන්කා චමින්දය. ඔහුද කරුන්කා ජාවාරමේ ප්‍රබලයකි. කාලයක් ඇවන්ගාර්ඩ සමාගමේද සේවය කළ අයෙකි.

ඩයිනමයිට් නිශ්පාදන කර්මාන්ත ශාලාවක්ද මොහු විසින් පවත්වාගෙන ගිය අතර එහි නිශ්පාදන යුධ හමුදාවේ අවසරකින් තොරව හොර රහසේ විකුණා හසුවීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්ද පවත්වමින් තිබේ. මේවන විට යහපාලන ආණ්ඩුවේ කෙරුමන්ගේ පිහිටෙන් එම පරීක්ෂණ යටපත් කර ගැනීමට ද ඔහු සමත්ව ඇත. මොහුද කාලයක් තිස්සේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාමේ ව්‍යාපාරයක් වෙනුවෙන් මහන්සි වූ අයෙකු වන අතර මේවන විට කිලී මහරාජගේ අනියම් පාර්ශ්වකරුවකුව සිටී. පසුගිය මැතිවරණ සමයේදී රවී කරුණානායක්ගේ මැතිවරණ ව්‍යාපාරයටද සම්බන්ධව සිටි අතර එම මැතිවරණ ව්‍යාපාරට යැයි කියමින් ව්‍යාපාරිකයන් රවටා මිලියන් ගන්නක් ඔහු විසින් උපයාගෙන ඇත.. එපමණක් නොව රවී කරුණානායක මහතාගේ බිරිඳට හා දරුවන්ට ෂො පින් කරන්න යැයි කියමින් ද ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගරා ගත් තුට්‍ටු දෙකේ හාදයෙකි.

පසුගියදා රතු මිහුදේ සිට පැමිණි ඇවන්ගාර්ඩ් පාවෙන අවිගබඩාව අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිටුපස සිටියේ මොහු බවද මේවන විට හෙළිව තිබේ. ඇවන්ගාඩ් හිමිකරුගෙන් මෑතක් වන තුරූ ලක්ෂ ගනනක වැ‍ටුපකට හිමිකම් කී මොහු කන්න දීපු අත හපා කෑවෙකි. මොහුගේ ඉතිහසයේ මෙවැනි සිද්ධි බහුලය. රනිල් වික්‍රමසිංහ හා ගාමිනී අතිකෝරාල අතර කේළාම් බස් දොඩා ගැ‍ටුම් ඇතිකර එම පක්ෂය විනාශ කළේ මේ නායකයන් ඉතා ලඟින්ම ඇසුරු කරමින්ය.

මහරාජාගේ මේ ව්‍යාපෘතියේ සිටින අනෙක් තනැත්තා හල්ලොලුව නැමැත්තෙකි. ඔහුට ඇවන්ගාඩ් හිමිකරුගේ ගෙවීම් ලැයිස්තුවේ සිටි අයෙකි. පසුගිය දා කරුන්කා සම්පත් සමඟ මොහු රුසියාවේ පීටර්ස්බර්ග් නුවරට ගියේ නව ව්‍යාපාරය ගැන රුසියාවේ මුහුදු ආරක්ෂක සේවා පවත්වාගෙන යන සමාගම් 4ක් සමඟ සකච්ඡා කර මෙම ව්‍යාපාරය ගැන ඉගෙන ගන්නටය. ඉන් සමාගම් 3ක ප්‍රධානින් හමු වී ඇති අතර ඇවන්ගාර්ඩ්කාරයාට කවදා හරි කෙලවනවා යැයි මහරාජා සමඟ වහසි බස් ද දොඩ තිබේ. එහෙත් ඇවන් ගාර්ඩ් අවි ගබඩාව පිලිබඳ ප්‍රශ්නය ඇදුනු මුල් කාලයේදී ආරක්ෂක ලේකම් ව ඇවන්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිට මුණ ගැස්සවීම වෙනුවෙන්ද මැදිහත්ව තිබුණේ මේ හල්ලොලුවය.

මේ අතර ඇවන් ගාර්ඩ් වයාපාරය නීතිවිරෝධී බව කියමින් රටේ මත සැකසීමේ කොන්ත්‍රාතුව බාර දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායකටය. පසුගිය දින හිටි හැටියේම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනුර කුමාර සිදු කරනු ලැබුවේ මේ කොන්ත්‍රාත්තුවේ එක් පිය්වරකි. ඉදිරියේ මෙහි තවත් පියවරවල් රාශියක් දකින්නට ලැබෙනු ඇත. අනුර දිසානායක යනු කිලී මහරාජාගේ හුරතලකු බව ප්‍රසිද්ධ කරුණකි. ඔහු ජවිපේ නායකත්වයට පත්වූ දා කිලී මහරාජා තරු හතරේ හෝටලයක සුපිරී රත්‍රී භෝජන සංග්‍රහයක් පැවැවූයේ ඒ නිසාය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සිරස දැක්වූ දායකත්වය ජවිපෙට කිසිදා මිළ කළ හොහැක. ජවිපෙ තව පරම්පරා ගානක් යන තෙක් කිලී මහරාජාට ණය ගැතිය.

මහරාජාගේ මේ මධ්‍ය මෙහෙයුමේ මුද්‍රිත අනුග්‍රහය දක්වන්නේ ටිරාන් අලස් පත්තර මුදලාලිගේ මව්බිම පුවත් පතයි. අනුර ඇවන් ගාර්ඩ් ව්‍යාපාරයට පහර දෙන වාරයක් පසා ඒ වෙනුවෙන් පිටු ගනන් වෙන් වෙයි, සිරස්තල වෙන් වෙයි. ටිරාන් කියන්නේ ද අනුරගේ අතිශය සමීපතම මිතුරෙකි.

රුවන් විජේවර්ධන මේ වන විට ලොකු උගුලක පැටැලී අවසන්ය. ගැලවිල්ලක් නැත. රනිල් වික්‍රම සිංහ රුවන්ව හැදුවේ කවදා හෝ එජාපයේ නායකයා කරන්න බලාගෙනය. එහෙත් රුවන් එකට අවශ්‍ය ‘ක්ලීන් සූට්’ එකේ ජරාව හලා ගත්තේය. ඒ නිසා මතු යම් දවසක එජාපයේ නායකත්වය සජිත්ට මිස මඩ ගාගත් රුවන්ට හිමිකර දීමට කිලී මහරාජගේ සිරස හඬ නගන්නේ නැත.

පසුගිය කාලයේ කවුරුත් පුදුම කරමින් රනිල් විරෝධී සිරස, රුවන් විජේවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරයටත් ඔහුගේ දේශපාලන කටයුතු වැඩි වශයෙන් ආවරණය කරන්නත් සිරස කටයුතු කළේ අනුෂා හරහා කරගන්න බැලුව රාජකාරිය වෙනුවෙන් බව දැන් පැහැදිලිය. මේ අනුව මහරාජා එක ගලෙන් කුරුල්ලාන් තුන් හතර දෙනෙකු ඩැහගැනීමට සමත් වී ඇත.

Top