LNN SPY

අනේ අනිච්චන්…..රාජපක්ෂලාගේ හොරු කරන්න ගිහින් මහ බැංකුව ඇන ගනී!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු රාජපක්ෂ පවුලේ කවරෙකුට හෝ දුෂණ චොදනාවක් එල්ල කර අත් අඩංගුවට ගැනිමට අවශ්‍ය සාක්ෂි රැස් කිරිම සදහා මහා බැංකුවට පවරා ඇති වැඩ කන්ද හේතුවෙන් රටේ ආර්ථිකයට සම්බන්ධ කටයුතු සියල්ල ඇනහිටිමේ තත්ත්වයක් උදාවි තිබෙන බව මහා බැංකුවේ ඉහළ පෙලේ නිළධාරියෙකු අප සමග කියා සිටියා.

රාජපක්ෂ පවුලේ අය රටපුරා බැංකු සහ භාණ්ඩ සහ සේවා ලබාගැනිම සදහා ගෙවා තිබෙන ගෙවිම් පිළිබඳව තොරතුරු රැස් කරන ලෙස මෙම විශේෂ එකකයට දන්වා තිබේ.

ඔහු සදහන් කළේ රජයේ ඇතැම් නිළධාරින්ගේ නොමනා ක්‍රියාකලාපයන් හේතුවෙන් අධිකරණය හරහා විවිධ නියෝග රැගෙන විත් රාජපක්ෂලාගේ වසර ගණනාවක ගෙවිම් සහ ලැබිම් පිළිබඳව තොරතුරු රැස්කරන් ලෙස ඉල්ලා සිටින බවත් එම ඉල්ලිම් ඉටුකිරිම මෙරට පෞද්ගලික මට්ටමේ බැංකුවකටද ලෙහෙසි-පහසු නොවන බවයි ඔහු සදහන් කළේ.අදාළ දත්ත රැස් කිරිම සදහා අමතර සේවකයින් ඉල්ලා සිටියද එම ඉල්ලිම් ප්‍රතික්ෂේප කල මහා බැංකු පාලනාධිකාරිය බැංකුවේ වෙනත් කටයුතු වල යෙදි සිටි නිළධාරීන් මේ සදහා යොදවා තිබෙන බවයි ඔහු සදහන් කළේ.

අවසානයේ ඔහු සදහන් කළේ මේ ආකාරයේ තොරතුරු රැස් කිරිම සදහා අවම වශයෙන් වසර 4ක පමණ කාලයක් ගතවිය හැකි බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top