Featured

මෛත්‍රී අණින් කැනෙඩියානු රජය “සුරේෂ්” කොටියා මුදාහරි…. යුධ අපාරධ පිළිබඳව සාක්ෂිකරුවෙකු ලෙස ලංකාවට

ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලිමකට අනුව දෙමළ ඊළාම් විමුක්ති කොටි සාමාජිකයෙකු මෙන්ම උතුරේ මෙන්ම දකුණේද ත්‍රස්තවාදී කටයුතු රැසකට සම්බන්ධ වු සුරේෂ් නැමති පුද්ගලයාව රටින් පිටුවහල් කරන ලෙස කැනෙඩියානු රජය නියෝග කර ඇති බව කැනඩාවේ සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයාගේ ඉල්ලිමට අනුව කැනඩාවේ මධ්‍යම අධිකරණය විසින් එම නියෝගය ලබාදී තිබේ.

1995 වර්ෂයේ කැනඩාවට රහසේම ඇතුල් වු සුරේෂ් ආගමන හා විගමන නීතිරීති වලට අනුව, සුරේෂ් නැමැති පුද්ගලයා රටින් පිටුවහල් කරන ලෙස කැනඩාවේ මධ්‍යම අධිකරණය නියෝග කර තිබුනද ලෝක දෙමළ සංසදයේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන බැවින් ඔහුව රටින් පිට කිරිමට එරට රජය සමත් වි තිබේ.

ඒ අනුව සුරේෂ් වහාම ලංකාවට ගෙන්වා යුධ හමුදාවට එරෙහිව යුධ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙකු ලෙස භාවිතා කරන ලෙසට ලෝක දෙමළ සංසදයේ සහ ද්‍රවිධ ජාතික සංවිධානයේ ඉල්ලිමට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම ඉල්ලිම කැනෙඩියානු රජයෙන් කර තිබේ.

 

 

Top