LNN SPY

චන්ද්‍රිකාට හූ කිවූ සිරිසේන ජනපති තුමන්ගේ වැඩ කිඩ……

පසුගියදා කුරුණෑගලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක හට හූ සංග්‍රහය ලැබුණු දින ඇයට එම රැලිය සදහා ආරාධනා කොට තුබුණේ ජයරත්න හේරත් විසිනි.ජයරත්න හේරත්ගේ ආරාධනාව පිට සිරිසේන ජනපති සමග එකම යානයකින් ගුවනින් කුරුණෑගලට ගිය නමුත්  චන්ද්‍රිකාගේ පැමිණීම ගැන සිරිසේන ජනපති තුමන්ගේ වැඩි ප්‍රසාදයක් නොමැති විය.

කුරුණෑගල නගර සභාවේ තේ පැන් සංග්‍රහයක් සුදානම් කොට තිබුණු අතර ඒ සදහා සිරිසේන ජනපති හා ජයරත්න හේරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක සහභාගී වී සිටියහ,මෙහිදී චන්ද්‍රිකාව මග හැර රැලිය පිහිටි ස්ථානයට යාමට සිරිසේන ජනපති තුමන්ට අවශ්‍ය වු අතර ජයරත්න හේරත්ට පසෙකට අඩගසා මේ මළ හොන්තුව එක්ක තමුසේ ඉන්නවා..මම යනවා කියමින් නගර සභාවෙන් නික්ම ගොස් ඇත.

චන්ද්‍රිකා හා ජයරත්න හේරත් විවිධ දේ ගැන කතා කරමින් පක්ෂයේ බලය අල්ලන ආකාරය පිලිබදව කතිකා කොට ගත්හ ,ඊලග මැතිවරණයේදී අගමැති පදවියට සුදුසු කෙනා ලෙස මෙම රැළියේදී චන්ද්‍රිකාව නම් කරන ලෙසත් ජයරත්න හේරත්ට උපදෙස් දුන්නේ චන්ද්‍රිකා විසින්මය,මෙම අවස්ථාවේ චන්ද්‍රිකාගේ නම කියා කෑ ගැසීමට අවශ්‍ය පුද්ගලයන් ලෙස ජයරත්න හේරත්ට හිතවත් ප්‍රදේශිය මන්ත්‍රීවරුන් හතර දෙනෙක්ද ඔවුන් සිටි ස්ථානයට කැදවා ගත්හ.

 සිරිසේන ජනපති තුමන් රැලියට පැමිණ රැලියේදී සභාව අමතන කථිකයන්ගේ නාමලේඛනය ඉල්ලා ගනිමින් එහි තිබු චන්ද්‍රිකාගේ නම කපාහරින ලෙස උපදෙස් දුන්නේ දයාසිරි ජයසේකර මහතාටය,ඒ අනුව චන්ද්‍රිකාගේ නම කපාහැරී අතර සුළු මොහොතකින් චන්ද්‍රිකාත් එම ස්ථානයට පැමිණි අතර පොල් තෙල් පහන දල්වන්නට ආරාධනා ඇයට ආරාධනා කරනු ලබන විටම විශාල හූ හඩක් සභාවෙන් ඇසෙන්නට විය.

මේ මොහොතේ ශාන්ත බණ්ඩාර දෙස බැලු සිරිසේන ජනපති තුමන් වැඩේ හොදට කරලා තියනවා යනුවෙන් රහසින් පවසා ඇත. හු… හඬින් මහත් සේ කම්පා වූ චන්ද්‍රිකා වේදිකාවට නැග යම්දෝ නොයම්දෝ සිතමින් ශාන්ත බණ්ඩාර සමග අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි…

 චන්ද්‍රිකාට සභාව ඇමතීමේ අවස්තවක් නොලැබෙන තැන අසුනෙන් නැගිට වේදිකාවේ බැසීමට යන විට තවත් විශාල හු හඩක් ඇසෙන්නට විය..කුණු හරුප කියමින් මන්ත්‍රීවරුන් සියලුදෙනම චන්ද්‍රිකාට බැන වදිද්දී ආරක්ෂකයන් සමග මෝටර් රථයට නැගී වහා එම ස්ථානයෙන් ඉවත් වීමට චන්ද්‍රිකා සමත් විය.

ඉන්පසු චන්ද්‍රිකාට හුවෙන් සංග්‍රහ කළ ශාන්ත බණ්ඩාරගේ හිතවත් මන්ත්‍රී වරුන්ට ජයරත්න හේරත්ගේ  සගයන් හතර දෙනා විසින් අමු තිත්ත කුණුහරුපෙන් බැනවදිමින් කෑගසන්නට විය ,කුණුහරුපෙන් බැන වදිමින් චන්ද්‍රිකාට කඩේ යමින් සිටි මන්ත්‍රීවරුන් හතර දෙනාට බඩ කට පිරෙන්නට පහර දෙන ලෙස ශාන්ත බණ්ඩාර උපදෙස් ලබාදී එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.

 අද පාර්ලිමේන්තුවට පැමිණි සිරිසේන ජනපති තුමන් චන්ද්‍රිකාට තමා මැදිහත් වී හු කියූ බව පිළිගෙන ඇත.ඒ අවස්ථවේදී සිරිසේන ජනපති තුමන් චන්ද්‍රිකාට දඩුවම් දුන්නේ තමා විසින් යැයි ප්‍රකශ කරන විට සිරිසේනගේ පස්චාත් භාගය ලෙවකමින් සිටින මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,ලසන්ත අලගියවැන්න,ජගත් පුෂ්පකුමාර තිලංග සුමතිපාල,කෙහෙළිය රබුක්වැල්ල යන මන්ත්‍රීවරුන් රැදී සිටි බව තහවුරු කොට දැක්විය හැකිය.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top