Anonymous Reporter

හුජ්ජ කොල්ලන්ගේ වෙබ් සහ නින්දෙන් පවා “මහින්දට” බය විම

බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන හා රනිල්,චන්ද්‍රිකා ඇතුලු පිංපි රැළ දිනෙන් දින කඩා වැටෙන යහපාලන ජංගී ආණ්ඩුව ආරක්ෂා කර ගැනිම සදහා රාජපක්ෂලා ඉලක්ක කර තවත් අලුත් මඩක් නිර්මාණය කර තිබේ.මොකක් හෝ අතේ පත්තුවෙන බොරුවක් ලියා එය ලොක්කන්ට පෙන්වා …”කොහොම්ද මගේ වැඩ…මම දුන්නා මහින්දට දුවන්න “යනුවෙන් පවසන පඩත්තල වෙබ් මාෆියා කාරයන් අද ලියා ඇති අමු පචයනම් “මහින්ද මෛත්‍රී මරන්න පිල්ලෙයාන්ට කොන්ත්‍රාත්තුවක් දීලා!” යනුවෙනි.සමහර විට මෙවා ලියන එවුන්ට නිසි අධ්‍යාපණයක් මෙන්ම ඔලුවේ තරමට වටිනාකම්ක් නැති මොළයක් තමන් සතුව ඇති බව කියවන ටික දෙනෙකු හෝ දැනගන්නා බව සමහර විට උන්ටම අමතකව තිබේ.

උපුටා ගැන්ම ලංකා නිවුස් වෙබ් ඩොට් කොම් රටට සතුරු වෙබ් අඩවියෙනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවදියේ එකල අමාත්‍යවරයෙකු සහ ශ්‍රීලනිපයේ මහලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා තමාට කොන්ත්‍රාත්තුවක් දුන් බව, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන, නැගෙනහිර පළාතේ හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාපොච්ඡාරණයක් කර තිබේ.

TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල දීම සහ අවි සැපයීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ පසුවන පිල්ලෙයාන් මෙම කරුණු අනාවරණය කර තිබේ.

උපුටා ගැන්ම අවසන් …..

මේ කතාව කියවු බොහෝ දෙනෙකුට මෛත්‍රීට මේ අකාරයේම හදිසි භීතිකාවක් නිදහස් දා නිර්මාණය කල සෙප්පඩ විජ්ජා වෙබ් කාරයන්ව අමතක නොවනු ඇත.බෙදුම්වාදීන්ගේ ඡන්ද වලින් ජනාධිපති බවට පත්ව සැමරු සිංහලයාගේ වසන් නිදහස් උත්සවයදා තමන් ඝාතනය කරන්නට් යන බව පවසමින් මර ලතොනී දුන් මෛත්‍රීගේ වෙබ් මාෆියා කාරයෝ ඉන් මාස ගණනකට පසුව දැන් මේ උත්සහ දරනුයේ එදා හම්බ කරගත් සල්ලි දැන් වියදම් කර අවසන් විම නිසා විය හැක.

නිදහස් දා පිංපියෙකු ලෙස  “ජාතික ඇඳුම මොඩ් කර” ඇඳීම සම්බන්ධයෙන් එදා ඇතිවූ ජනතා විරෝධයට, ෆේස්බුක් එකේ එජාප ප්‍රචාරකයින් විසින් ලබා දුන් පිළිතුර වූයේ “මෛත්‍රීපාල සිරිසේන මහතගේ ජැකට්ටුව වෙඩි නොවදින එකක්” බවයි. වෙඩි නොවදින ජැකට්ටුව ඇඳීමට හේතුව වශයෙන් කුමන්ත්‍රණ කතාවකුත් ගෙතුවෝය. “ඔළුවට වෙඩි වදින්නේ නැද්ද?” යන පැනයටනම් ඔවුන්ට පිළිතුරක් නැති විය.

උපුටා ගැන්ම ලංකා නිවුස් වෙබ් ඩොට් කොම් රටට සතුරු වෙබ් අඩවියෙනි.

මෛත්‍රීපාල සිරිසේන මහතාව නැගෙනහිර පලාතේ හෝ පොලොන්නරුවේදී ඝාතනය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට පුද්ගලිකව පැවසූ බවත් එහෙත් එය නැගෙනහිරදී කළහොත් තමන්ට චෝදනා එල්ල වන බැවින් කොළඹදී එය ඉටු කිරීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපතිවරයාට පැවසූ විට ‘කොළඹදී කලොත් මාව මාට්ටු වෙනවා’ යනුවෙන් තමාට කී බව පිල්ලෙයාන් සඳහන් කර ඇත.

පසුව පැමිණි එකඟතාවයක් මත කොළඹට ආසන්න බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ කාරියක් ලවා මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට තැත් කළද අනූනමයෙන් වත්මන් ජනාධිපතිවරයා ජීවිතය බේරාගත් බව පිල්ලෙයාන් පාපොච්ඡාරණය කර තිබේ.

උපුටා ගැන්ම අවසන් …..

අනිත් අතට මේ අනාවරණය කරන හොරකම් කර රටින් පැන්න ගොන් මොඩයන්ට අබ ඇටයකවත් මොලයක් නැත.මන්ද ඔය කියන බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර මරන්නට තරම් මෛත්‍රීපාල සිරිසේනගේ වැදගත් කමක් නොතිබුනු බව මෙකා නොදන්නා විමය.මන්ද ඒ තරමටම මෛත්‍රීපාල සිරිසේන මහින්දට හතුරෙකු නම් එවකට මහින්ද රටින් ගිය සැම අවස්ථාවකම ආරක්ෂක අමාත්‍යධුරය මෛත්‍රීට ලබාදි යයිද?

යහපාලන වසන්ත්‍ය උදාකරන බවට මහා උජාරුවට කතා කියමින් රටේ ජනතාවගෙන් 40ලක්ෂයක් පමණ රවටා බෙදුම්වාදීන්ගේ ඡන්දයෙන් රටේ බලය අල්ලා ගත් මේ හුජ්ජ කොල්ලන්ට දැන් රාජපක්ෂලා නැතුව නිවුස් එකක් වත් ලියා ගන්නට තරම් හයියක් නැති බව යලිත් තහවුරු කර තිබේ.

Top