Featured

අර්ජුනගේ සක්කිලි වැඩ -වරාය සභාපතිගෙන් අස්විමේ ලිපි බලෙන් අරන් මල්ලි සභාපති කරලා

රාජපක්ෂලාගේ පවුල් වාදයට එරෙහිව තමන් සටන් කරන බව පවසමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  තම බාල සහෝදරයා වන ධම්මික රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරයට කූට ක්‍රමවේදයක් හරහා පත්කරගෙන තිබේන බව අනාවරණය වි තිබේ.

අගෝස්තු 17 මහ මැතිවරණයට පෙර ඒවන විටත් එම අමාත්‍යධූරයම දරමින් සිටි අර්ජුන වරාය අධිකාරියේ සභාපති, උප සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ අත්සන සහිත් ඉල්ලා අස්වීමේ ලිපි තමන්ට ලබා දෙන ලබා දෙන ලෙසයි.යම් හෙයකින් මැතිවරණ ප්‍රතිඵ්ලයේ වෙනස් වි පරාජය වුවහොත් තමන්ට අමාත්‍යංශය හරහා බලපෑමක් නොවන බව දන්වමින් අර්ජුන එම ලිපි ලබාගෙන තිබේ.

එම අවස්ථාවේ එම ලිපියට අත්සන් තැබිමට අකමැති බව කියු නිළධාරින් පෞද්ගලිකවම හමුවු අර්ජුන ඔහුන්ට තර්ජනය කරමින් පවසා ඇත්තේ ආණ්ඩුව පැරදුනත් ජනාධිපති අපේ හරිද ඒ නිසා අත්සන් කරපන් යනුවෙනි.

පසුව අදාළ ලිපි භාවිතා කරමින්  ශ්‍රී ලංකා වරාය අධ්කාරියේ සභාපති ධූරය හිස්කරගත් අර්ජුන සිය බාල සහෝදරයා වන ධම්මික රණතුංග එම තනතුරට පත්කරගෙන තිබේ.

අනියම් පෙම බිඳවැටුන නිසා -අර්ජුනගේ කණ රත්වෙන්න ගහලා චන්ද්‍රිකා රටින් යයි

Top