Featured

ශක්තිමත් නව සන්ධානය ලගදිම -මෛත්‍රී පුම්බන්න නව වෙබ් අධවි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී නව පෙරමුණකින් තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය , ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ සූදානම් වන බව වාර්තා විමත් සමග මෛත්‍රීපාල සිරිසේන සහ ඔහු වටා සිටින බත් බැලයන් අන්ද මන්ද වි විවිධ කුමන්ත්‍රණ දියත් කිරිමට සුදානම් වන බව අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

සන්ධානයේ හවුල්කාර පක්‍ෂ නව සංධානය සදහා මේ වනවිටත් ඒ සදහා කෙරෙන සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ තිබෙන අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද මෙම නව පෙරමුණට එක්කර ගැනීමට අවශ්‍ය සාකච්ඡා කිහිපයක්ද පසුගිය දින කිහිපය තුල සිදු කෙරුනු අතර ශ්‍රිලනිපයට අමතරව සුළු පක්ෂ කිහිපයකම නියෝජිතයන්ද එම සාකච්ඡා සදහා සහභාගි වි සිටියා.

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය කර රනිල් වික්‍රමසිංහගේ පක්ෂ නායකත්වය යලිත් අර්බුදයකට ලක්කර සජිත් ප්‍රේමදාස ඇතුලු කීලී මහරාජාගේ පදයට නටන ලපයි සිපයි ආණ්ඩුවක් සැදිමේ කුමන්ත්‍රණය දියත් කරමින් සිටින සිරිසේන ඇතුලු පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ නව සංවිධානයකින් තරග කිරිමට සුදානම් විමත් සමග මෛත්‍රී බත් බැලයන් මෙම කුමන්ත්‍රණය දියත් කරමින් සිටි.(කියවන්න –රනිල්ට ගේමක් දෙන්න මෛත්‍රී කුමන්ත්‍රණයක)

එහි මුල් පියවර වශයෙන් රනිල් විරෝධී වෙබ් මාෆියා කරුවන් පසුගිය සතියේ දිනක රාත්‍රීයේ ජනාධිපති මන්දිරයට ගෙන්වාගත් මෛත්‍රී ප්‍රමුඛ බත් බැලයන් ජිනීවා ගැටලුව මෙන්ම,රට බෙදිම සම්බන්ධයෙන් තමන්ට වෙබ් හරහා එල්ල වන චොදනා යටපත් කිරිමට කටයුතු කලයුතු බවට උපදෙස් ලබාදි තිබේ.මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සියලු සමාජිකයන්ට මෙන්ම ඊට අමතරව ජාතික ආණ්ඩුව නියෝජනය කරන තොරාගත් ඇමතිවරුන් ඉලක්ක කර වෙබ් හරහා ප්‍රහාරයන් දියත් කිරිමට කටයුතු කරන ලෙසද දැනුම් දි තිබේ.

අවශ්‍ය වියදම් සියල්ලම තමන්ගේ සහොදරයා බලාගන්නා බවත් ඒ පිළිබඳව කිසිම විටකම කල්පනා නොකරන් ලෙසද මෛත්‍රී වෙබ් මාෆියා කාරයන්ට පවසා තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වු මාෆියා වෙබ් අවජාතක පියවරුන් මෛත්‍රී බේරා රාජපක්ෂලා සහ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර මඩ ප්‍රහාරයන් දියත් කිරිම සදහා නවතම වෙබ් අධවි 3ක් වහාම ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ.

Top