Featured

ජනාධිපතිගේ බලතල කප්පාදුවකට රනිල්ගෙන් ගේමක්!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනිව තරග කිරිම සදහා කෙසේ හෝ තල්ලු කල යුතුබවත් ඒ හරහා රටේ ජනතාව තුල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව පෙන්විය හැකි බවත් එය භාවිතා කරමින් ඉතා ඉක්මනින්ම ජනාධිපතිගේ බලතල කප්පාදුවක් සදහා කටයුතු කල හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන හසුරුවන කණ්ඩායම සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදි අනාවරණය කර තිබේ.

ලඟඑන පළාත් පාළන මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කිරිම සදහා ජනාධිපතිවරයා පෙළඹවීමට කටයුතු කලයුතු බවත් ඊට වෙබ් මාධ්‍ය හා සමිප සම්බන්ධකම් ඇති මාධ්‍ය හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ මහින්ද ප්‍රමුඛ සන්ධානය අතර ගැටුම උග්‍ර කිරිමට කටයුතු කරන ලෙසද දැනුම් දි තිබේ.

මහින්ද ප්‍රමුඛ සන්ධානය අතහැර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මෛත්‍රීගේ සහ චන්ද්‍රිකාගේ මෙහෙයවිම යටතේ මැතිවරණයට තරග වැදිම හරහා කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමි කර ගැනිමට නොහැකි වන බවත් මැතිවරණයෙන් පසුව ආයතන කිහිපයක පමණක් ශ්‍රිලනීපයට බලය අත් කරගැනිමට අවස්ථාව ලබාදිය හැකි බවද රනිල් එහිදි පෙන්වා දි තිබේ.

මෛත්‍රී ලබන මැතිවරණ පරාජයෙන් පසුව ඔහුගේ නොහැකියාව පිළිබඳව සන්ධාන ප්‍රභලයන්ම කතා කරනු එති බවත් අපට ඇත්තේ එම ගින්නට පිදුරු ටිකක් දමා මෛත්‍රී ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රටේ ජනතාව තුල විශ්වාසයක් නොමැති පුද්ගලයෙකු බවට පත්කිරිම පමණක් බවද රනිල් පෙන්වා දි තිබේ.

Top