Featured

මෛත්‍රී වහලෙක්වෙලා ජාතික ආණ්ඩුව sabotage කරන්න හදනවා

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ගේ තර්ජනයන්ට බයවි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික ආණ්ඩුව  sabotage(කඩාකප්පල් කරනවා) කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(30) රාත්‍රීයේ සිය සමිපම මන්ත්‍රී කණ්ඩායම සමග පැවති හදිසි සාකච්ඡාවකදී අනාවරණය කල බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඩී.ඒ.) සිසුන් සිදුකළ උද්ඝෝෂණයට පොලීසිය යොදවා අමානුෂික අකාරයට පහරදිම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේම වාහාම අග්‍රාමාත්‍යවරයා එම හදිසි සාකච්ඡාව කැදවා තිබේ.ජනාධිපතිවරයා ශ්‍රිලනිපයේ පිරිසකට වහල්කම් කරන බවත් එහි ප්‍රථිපලයක් ලෙස යහපාලනයට අහිතකර ලෙස බලපෑම් එල්ල කිරිම සදහා ජනතාව තුල යහපාලනය සම්බන්ධයෙන් කලකිරිමක් ඇති කිරිමට කටයුතු කරන බවට අගමැතිවරයා මෙහිදි පෙන්වා දි තිබේ.

එම ක්‍රියාවලිය සදහා එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පිරිසක්ද සම්බන්ධ බවට තමන් තොරතුරු අනාවරණය කරගෙන තිබේන බවද අගමැති එහිදි පෙන්වා දි තිබේ.

විරෝධතාවයේ නිරතවූ සිසුන්ට සියලුම නීති කඩකරමින් එලවා එලවා පහරදුන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමතය මත බවට තොරතුරු ලැබි ඇති බවට මන්ත්‍රිවරුන් අගමැතිට පෙන්වාදි ඇති අතර එහිදිඑ සම්බන්ධයෙන් විමසිමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනට දුරකතනයෙන් ඇමතිමට අමාත්‍ය සාගල රත්නායක සුදානම් වි ඇති අතර රනිල් නියෝග කර ඇත්තේ දුරකතනයෙන් ඒ සම්බන්ධයෙන් විමසා වැඩක් නොමැති බවත් වහාම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවිමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

Top