Featured

මහින්ද,ගෝඨාට සමාවක් නෑ-දකුණේ ආණ්ඩුව ජිනීවා වලදි පොරොන්දු වුනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාවට දඩුවම් ලබා‍නොදෙනු ඇති බවත්, ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන බවටත් ශ්‍රී ලංකා රජය කල ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක,විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අවධානය යොමුකරන බවත් ආණ්ඩුවට එවැනි ප්‍රකාශයක් කිරිමට කිසිදු හැකියාවක් නැති බවද සම්බන්ධන් පවසා තිබේ.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජජපක්‍ෂ සහ ත්‍රිවිධ හමුදාවට දඬුවම් ලබානොදෙන බවට පෙරේදා 29 වන දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර කල ප්‍රකාශය සම්බන්ධයෙන් ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සන්ධානයේ නායක,විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ අවධානයට යොමුකර ඇති අතර එහිදි සම්බන්ධන් පවසා ඇත්තේ ජාත්‍යන්තරව ගත් තින්දුවක් වෙනස් කිරිමේ බලය දකුණේ රජයට නොහැකි බවයි.

පසුගිය ජිනීවා සාකච්ඡාවලට එක්වු දකුණේ රජයේ ජනාධිපතිවරයා,විදේශ කටයුතු ඇමතිවරයා සහ නිළධාරීන් ශ්‍රි ලංකාව තුල උතුරේ අහිංසක දෙමළ ජනතාව ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ කිරිමට කොන්දේසි රැසකට එක් වු බවද විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අනාවරණය කර තිබේ.

දෙමළ ජනතාව කිසිඳු අවස්ථාවක අභ්‍යන්තර පරීක්‍ෂණයක් පිළිනොගනු ඇති බවත් රජය ප්‍රකාශ කරන අන්දමින් අධිකරණ ක්‍රියාවලිය අනුමත නොකරනු ඇති බවද සම්බන්ධන් පවසා තිබේ.

Top