Featured

දඟලන්න නැතුව ඉන්න බැරිනම් යනවා -රනිල්ගෙන් රාජිතට,චම්පිකට රතු එළි

සාමුහිකව ජාතික ආණ්ඩුවක් නියෝජනය කරන ඇමතිවරුන් ලෙස කටයුතු කිරිමට නොහැකිනම් වහාම ආණ්ඩුවෙන් අයින් වි යන ලෙසට පාඨලි චම්පිකට සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කැබිනට් මණ්ඩල රැස්විම අතරතුර තර්ජනාත්මක ලෙස පවසා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඊයේ කැබිනට් රැස්විම ආරම්භ වු අවස්ථාවේ සිට දිගින් දිගටම රාජිත හා චම්පික නීතීය සහ සාමය පිළිබද අමාත්‍ය තිලක් මාරපන අමාත්‍යවරයා සහ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විවේචනය කරමින් ඉතා නරක විදියට කතා කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කරබාගෙන් සිට තිබේ.පසුව එජාප අමාත්‍යවරුන් කිහිප දෙනෙකු රාජිත හා චම්පිකගේ වැරදි විවේචනය කිරිමට පටන් ගෙන ඇති අතර ඒ සමගම අගමැතිවරයා

රාජිත හා චම්පික දෙසට අත දික් කරමින් පවසා ඇත්තේ …….”මේ සාමුහිකව ජාතික ආණ්ඩුවක් නියෝජනය කරන ඇමතිවරුන් ලෙස කටයුතු කරන්න බැරිනම් වහාම ආණ්ඩුවෙන් යන්න…මට කමක් නෑ ඔයලා ගියා කියලා”…. එහෙම කියමින්ම අගමැතිවරයා කැබිනට් මණ්ඩල රැස්විමට නොසිටිම එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

පසුව රාජිත හා චම්පික පොරටොක් දි ඇත්තේ “ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ආකාරයට කටයුතු කරන්නේ නම් තමන් දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බවයි”

මේ අතර ඊයේ රාත්‍රීයේම රනිල් වික්‍රමසිංහගේ සහෝදරයාගේ ප්‍රමුඛත්වයෙන් රනිල් පිළේ කණ්ඩායම රැස්ව ඇති අතර ඉදිරි දින කිහිපය තුල රාජිත හා චම්පික ඉලක්ක කර ඔහුන් විසින් කර ඇති දුෂණ වංචා සියල්ලම හෙලි කිරිමට අදාළ කටයුතු යොදන ලෙසට දැනුම් දි තිබේන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ගෙන එන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

Top