ලෝකයා

සමස්ත ශ්‍රී ලංකා මාතාවට ඔබ කල අපරාධය ඔබව කම්පා කරනු ඇත

යහපාලන බලාපොරොත්තු රැදි ලක්ශ 62ක ජනතාව වෙත ලියමී… (හිතේ අමාරුවෙන් වෛරී අයුරෙන් කමෙන්ට් නොකරා කියා අමනාපයක් නැත..)
ඔබ රැවටුන බොරු ඔබ චන්දය දුන් මිනිසුන්ම අද පාපොච්චාරණය කරමින් සිටී.. පහත කරුනු ගැන සලකා ඔබ රටට කල හානිය පිලිබද සිතන්න..

1. මහ බැංකුව මහින්ද කාලා කිව්වා, ඔහුගේ කාලයේ වැඩි කල විදෙස් සංචිත පවා මේ වෙද්දි සීග්‍ර ලෙස පහල වැටෙනවා… රුපියල අසීමාන්තිකව කඩා වැටෙනවා, බඩු මිල ඉහල යනවා..කොටස් වෙළඳ පල නන්නත්තාරයි…

2. චීන්නු විතරයි ලංකාවට එන්නේ කිව්වා.. මේක චීන කොලනියක් වෙනවා කිව්වා… අද චීන්නු අකුලන් යනවා.. ජනවාරි 8වෙනිදා ඉදන් අද වෙනකන් ආපු විදෙස් ආයෝජකයෙක් නෑ.. චන්දෙට කලින් කියපු වොක්ස්වැගන්, ගූගල් ලූන් වැනි දේවල් ගැනවත් අද සද්දයක් නෑ…

3. ලංකා හොස්පිට්ල් ගෝඨාභය ගේ කිව්වා. අද රජයෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්වෙනවා..

4. දිවි නැගුමේ කෝටි 300ක් චන්දෙට ගත්තා කිව්වා.. එස්. බී. පාර්ලිමේන්තුවේ කියනවා එහෙම දෙයක් වෙලා නැ කියලා..

5. ඇවන්ගාඩ් ගැන කිව්වා මහා පරිමාන වංචාවක් කියලා, තිලක් මාරපන පාර්ලිමේන්තුවේ කියනවා එහි කිසිදු දෝශයක් නැ කියලා..

6. සේවක අර්ථ සාධක මුදල් මහින්ද කොල්ල කෑවා කිව්වා.. අද රනිල් පාර්ලිමේන්තුවේ කියනවා ලංකාවේ කිසිම පුද්ගලික සමාගමකට නැති තරම් වත්කම් මේ ආයතන දෙකට තියෙනවා කියලා.. පොඩ්ඩක් නෙවෙයි රුපියල් ට්‍රිලියන 1.7ක්..

7. පුද්ගලික හෙලිකොප්ටර, ලැම්බෝගිනි, විදෙස් රටවල ගිනුම් ගැන කිව්වා, අද ආණ්ඩුවට රාජපක්ශලා අභියෝග කරනවා පුලුවන්නම් පෙන්නන්න කියලා.. ආණ්ඩුව ගලේ පහරපු බලල්ලු වගේ ඉන්නවා..

8. රට වටේට මාලිගා හදලා කිව්වා, අද ඒ ඔක්කොම රජයට අයිති බව ඔප්පු වෙලා ඉවරයි..

9. හයිවේ හැදුවේ රත්තරං වලින්ද ඇහුවා, මෙගා ඩීල් ගැන කිව්වා.. අද වෙනකම් නිකන් පුස්සක් වෙලා ඒ ඔක්කොම…

10. සල්මන් කාන් ගෙනාවා කියලා මහා සද්දයක් දැම්මා.. ඒත් ඔන්න සනී ලියොන් එනවලු ලංකාවට..

11. ශිෂ්‍ය ව්‍යාපාරයට පන්නා පන්නා ගහනවා..

තව කොච්චරනම් කියන්න පුලුවන්ද… අද මුල් ගලක් තියෙනවද කොහෙවත්.. ආර්තිකය වගේම සංවර්ධනය ත් එක වගේ ඉහල ගිය රටක්, ඔයාලා එක තැන නැවැත්තුවා.. ඒ විතරක් නෙවෙයි, අපේ දරුවන්ට උරුම වෙන්න තිබ්බ ඒ සුන්දර රට තවත් පරම්පරා ගණනකට කල් දැමුනා.. සමබර ව සිතන්න.. සමස්ත ශ්‍රී ලංකා මාතාවට ඔබ කල අපරාධය ඔබව කම්පා කරනු ඇත.

අභීත එදිරිසිංහ

Top