Featured

රනිල් මෛත්‍රීගේ කන පැලෙන්න දෙයි- කැබිනට් එකට දහයක් රැස්වුනත් මගේ තින්දු වෙනසක් නෑ

විශේෂ කැබිනට් එකට දහයක් පැවැත්වුවද අගමැතිවරයා ලෙස තමන් ගත් තින්දු වෙනස් කිරිමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදේන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යහපාලන ආණ්ඩුවම අර්බුදයකට ඇද දැමු ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා විශේෂ කැබිනට් රැස්විමක් ලබන් 10 වැනිදා පවත්වන් බවට යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් එජාප අමාත්‍යවරුන්ට දැනුම් දි තිබේ.

ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති ලග්ගලදී පැවසු අතර රාජිත හා පාඪ්ළී කැබිනට් මණ්ඩලය තුල ලැජ්ජාවට පත්වු බවත් එම ලැජ්ජාව වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ කිහිප දෙනෙකු වගකිවයුතු බවටත් මෛත්‍රී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ යැයි කියන බත් බැලයන් සමග පවසා තිබේ.

මේ අතර සිය සහෝදරයාට සහ ප්‍රත්‍රයාට රිසිසේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යැම සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරිමට ගත් තින්දුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරිමට කටයුතු කර තිබේ.

ඊයේ (06) පස්වරු 4.00ට පමණ අග්‍රාමාත්‍යවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා අදාළ ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස දැනුම් දුන් බව සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සදහන් කළා.

ඒ අනුව සභාපති තනතුර සඳහා අලූතෙන් පත්කර පැමිණ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා එම කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.

Top