Anonymous Reporter

විකෘති දේශපාලනඥයාගේ කොටදෙණියාවේ වධකාගාරය

රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමකට පැවරීම පසුපස යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට අප කල අනාවරණයන් තවදුරටත් තහවුරු කිරිමට සාක්ෂි රැසක් ලැබි තිබේ.

අදාළ දේශපාලනඥයාගේ පියාද වත්මන් යහපාලන දේශපාලන ක්‍රියාලිය තුල බලවත් අයෙකු වන අතර උපතින්ම ඔහුන්ගේ පවුලම වලත්ත ගතිගුණ සහිත පවුලක් බව ගමේ පමණක් නොව රටේම ජනතාව හොදින්ම දනි.අදාළ දේශපාලනඥයා විකෘති මානසිකත්වයකින් පෙලෙන අයෙකු වන අතර ඔහුන් සම්බන්ධයෙන් පසුගිය කාලසිමාව තුල වැඩිපුරම සාකච්ඡාවටද ලක්වු පවුලක අයෙකු බවද අප අනාවරණය කළා. (කියවන්න –“සේයා” ඝාතනය පසුපස ඇති දේශපාලන හස්තය මෙන්න)

දෙමාපියන්ගේ නොසැලිකිල්ල හෙතුවෙන් “සේයා” ඝාතනය විමත් සමග කොටදෙණියාව පොලිසිය “සේයා”ගේ නිවසේ සිට කිලෝමීටර් 3ක පමණ දුරින් වධකාගාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර 20කට ආසන්න ප්‍රමාණයක් එම වධකාගාරයට ගෙනවිත් ඇති පොලිසිය විවිධ අකාරයේ වධහිංසනයන්ට ඔහුන් ලක්කර තිබේ.

අදාළ දේශපාලකයාද අවස්ථා කිහිපයක් එම වධකාගාරයට පැමිණ ඇති අතර ඔහු දේශපාලනයට නවකයෙකු නිසා කිසිවෙකුත් ඔහු හදුනාගෙන නෑ.නමුත් මිට දින කිහිපයකට පෙර අදාළ වධකාගාරය සම්බන්ධයෙන් අනාවරණය විමත් සමග අප විශේෂ් වාර්තාකරුවන් ඒ පිළිබඳව අප සැකකරන දේශපාලකයාගේ ඡායාරූපයක් පෙන්වා වධහිංසනයට ලක්වු කිහිප දෙනෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහුන් එම ඡායාරූපයේ සිටි දේශපාලකයා හදුනාගෙන තිබේ.

“සේයා” ඝාතනය කිරිමට තමන් සම්බන්ධ බවට පිලිගන්නා ලෙස බලකරමින් කොටදෙණියාව පොලිසිය වධකාගාරය තුල තමන් විවිධ වධහිංසනයන්ට ලක්කර තිබේන අතර ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුද එම වධකාගාරයට ගෙනවිත් සාක්ෂිකරුවන් ලෙස පෙනි සිටින ලෙස ඉල්ලමින් වධහිංසනයට ලක්කර තිබේ.

Top