Anonymous Reporter

ජිනීවා උගුලෙන් රට ගලවා ගැනීම සදහා ජාතික සංඝ සභාව පෙරට

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ලක්වීමේ අනතුරට මුහුණ දී සිටින රණවිරුවන් වෙනුවෙන් සහ ජිනීවා උගුලෙන් රට ගලවා ගැනීම සදහා සෙත් පතා බෝධි පූජා මාලාවක් රට පුරා පැවැත්වීමට ජාතික සංවිධාන එකමුතුව විසින් වැඩපිළිවෙලක් දියත්කොට ඇත.

ලංකා ජාතික සංඝ සභාව විසින් මෙහෙයවනු ලබන මෙම බෝධි පූජා මාලාව රට පුරා ප‍්‍රධාන විහාරස්ථාන 100ක පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම බෝධි පූජා මාලාවේ පළමුවැන්න 2015 නොවැම්බර් මස 10වැනි අගහරුවාදා සවස 06ට හෝකන්දර දක්ෂිණාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම අවස්ථාවට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, පා.ම විමල් වීරවංශ මහතා, පා.ම උදය ගම්මන්පිල, සහ ගාමිනී ගොකුගේ යන දේශපාලන නායකයන්ද සහභාගී වීමට නියමිතය. එම විශේෂ බෝධිපූජාව ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර යන ස්වාමීන් වහන්සේලා විසින් මෙහෙයවීමට නියමිතය.

මෙම අවස්තාවට සහභාගීවන ලෙස ඉල්ලා සිටිමින් සහ ජිනීවා මෙහෙයුම මගින් රටේ ස්වයිරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට සිදුවන හානිය පිළිබදව පැහැදිලි කරමින් ලංකා ජාතික සංඝ සභාව විසින් අත් පත‍්‍රිකාවක්ද බෙදා ඇති අතර එම පත‍්‍රිකාවට මෙම භික්‍ෂූන් වහන්සේලා අත්සන් තබා ඇත.

පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද නායක ස්ථවිර

මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර ස්ථවිර
ආචාර්ය මැදගම ධම්මානන්ද ස්ථවිර

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්ථවිර
මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත ස්ථවිර

මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්ථවිර
ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්ථවිර

ආචාර්ය මොරගොල්ලාගම උපරතන ස්ථවිර

ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්ථවිර

ආචාර්ය සපුගොල්ලෑවේ ආනන්දකිත්ති ස්ථවිර

රාජකීය පණ්ඩිත වලපනේ ඤාණසේන ස්ථවිර

රාජකීය පණ්ඩිත දම්පහල රාහුල ස්ථවිර

Top