Featured

අගමැතිකමට තට්ටු කරන්න අලුත් පාරක් කපයි

විධායක ක්‍රමය අහෝසි කර අග්‍රාමාත්‍ය තනතුර සදහා දෙවන වරට අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ කටයුතු කිරිමේ ක්‍රමවේදයක් වහාම සකස් කිරිමට කටයුතු කලයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය උපදේශකයන්ට උපදෙස් දි තිබේ.ඉදිරි වසර කිහිපය තමන් කොහොමත් ජනාධිපති ධුරයේ කටයුතු කරන බවත් නමුත් යලිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වි ජයග්‍රහණය කිරිම කිසිසේත් පහසු නොවන බවද මෛත්‍රී සදහන් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විවිධ කණ්ඩායම් සමග ආණ්ඩු සාදමින් ඔහුන්ගේ විශ්වාසය දිනාගැනිමට කටයුතු කලයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දි තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිළ සහ මෛත්‍රී අතර පැවති සාකච්ඡා වලින් පසුව සජිත් පිළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගැනිමට නොහැකි තත්ත්වයක් හටගෙන තිබේන බව වාර්තා වේ.සජිත්-මෛත්‍රී සාකච්ඡා සම්බන්ධයෙන් අපකල හෙළිදරවුවෙන් පසුව ජාතික ආණ්ඩුව කඩා දමා මෛත්‍රී-සජිත් ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදිමේ සිහිනය මදකට පසුවට තැබිමට කටයුතු කරමින් සිටින බවද අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මේ අතර පසුගිය සතිය තුළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක්ම සජිත් අමතමින් කීවේ දූෂණ, වංචා පිටුදැකීම සඳහා ලොකු අරගලයක් කළ යුතුව ඇති බවයි. හෙළිදරව් වෙමින් පවතින විවිධ සිද්ධීන් එකිනෙක ගෙනහැර දක්වමින් ඔවුන් කීවේ “අපි මැතිවරණ වේදිකාවේ කිව්වේ මේව ගැන දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නවා කියලයි. අපි දැන් මොනවද කරන්නේ කියලා රටේ ජනතාව බලාගෙන ඉන්නවා” කියාය. “මම පිළිගන්නවා ඔයගොල්ලො කියන දේ. දැනටමත් ඒවා පිටුදකින්න ජනාධිපතිතුමත්, අගමැතිතුමාත් සටන ආරම්භ කරලයි තියෙන්නේ. ඒක මම පෞද්ගලිකවම දන්නවා. කලබල කරන්න අවශ්‍ය නෑ. අනිත් අතට අපි හුදෙකලා සටනක් කරලා වැඩක් නෑ. ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත් ශක්තිමත් කරනවා මිසක්. පසුගිය සතියේ වුණු දේවල් අපි දැක්කනේ. තවත් හොඳ තීරණ ගණනාවක් හෙට අනිද්දාම අහන්න ලැබෙයි” සජිත් කීවේය.

Top