Featured

රණවිරුවන් දංගෙඩිය දක්කා -ඊළම දිනන්න පිල්ලේගේ නායකත්වයෙන් විද්වත් කමිටුවක්

යුද අපරාධ පිළිබඳ අධිකරණ ක්‍රමවේදය නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ අග්‍රාමාත්‍ය වී.රුද්‍රකුමාරන් විසින් විද්වත් කමිටුවක් පත්කර තිබේ.දකුණේ ආණ්ඩුව ලබාදි ඇති අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන දෙමළ ඊළාම් රාජ්‍ය බිහිකිරිම සදහා ජාත්‍යයන්තර වශයෙන් ශ්‍රී ලංකාව යටකිරිමට රනිල් -මෛත්‍රී එක්ව ජාත්‍යන්තරයට ලබාදුන් අවස්ථාව නිවැරදිව මෙහෙය විම තුලින් 4වන ඊළාම් යුද්ධයෙන් පරාජය වු දමිළයන් යලි නැගිසිටිමට අවස්ථාව උදාවනු ඇති බවයි වී.රුද්‍රකුමාරන් පවසා තිබේ.

නීතිය, මානව හිමිකම් පිළිබඳ කටයුතු, යුද අපරාධ පිළිබඳ නීති, මානුෂීය නීති ඇතුළු විවිධ අංශයන්ගෙන් ප්‍රවීනත්වය ලද ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ ඉන්දියාව යන රටවල් වලින් තෝරාගත් විද්වතුන් 05 දෙනෙකු මෙම කමිටුවට ඇතුලත් කර ඇති අතර හිටපු මානවහිමිකම් පිළිබඳව මහා කොමසාරිස්වරයෙකු වන නවනිදන් පිල්ලේ මහත්මියද එම කමිටුවේ උපදේශිකාවක ලෙස කටයුතු කරයි.

ෆෙඩරල් පාලනය ගැන පිල්ලෙගෙන් පන්තියක් යනුවෙන් අප පසුගිය නොවැම්බර් 10 වැනිදා කල අනාවරණය අනුව එම සාකච්ඡාවලින් පසුව මෙම කමිටුව පිහිටුවා තිබේ.

උතුරේ ෆෙඩරල් පාලනයක් පිහිටුවිමට ශ්‍රි ලංකා යහපාලන රජය ලබාදුන් පොරොන්දුව අනුව එම ෆෙඩරල් ක්‍රමය සකස් විය යුතු අකාරය සහ පසුගියදා එක්සත් ජාතින්ගේ සංවිධානය පසුගියදා ලංකා රජයේ එකඟතාව මත සම්මත කරගත් යුධ අපරාධ පිළිබඳව වු වාර්තාවට අදාළව ද්‍රවිධ ජාතික සන්ධානය සහ උතුරේ සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තරව හැසිරිවිය යුතු ආකාරය පිළිබඳව දෙමළ ඩයස්පොරාවේ සමාජිකයන් සහ දැනුවත් කිරිමේ සමුලුවක් පසුගිය 07 සහ 08 යන දිනයන් හිදී දකුණු අප්‍රිකාවේ ඩේබන් හි පවත්වා තිබේ.

එම පුවත මෙතනින් කියවන්න –ෆෙඩරල් පාලනය ගැන පිල්ලෙගෙන් පන්තියක්

ප්‍රංශයේ Marie Guiraud, බ්‍රිතාන්‍යය රැජිනගේ නීතිඥ Peter Haynes QC, බ්‍රිතාන්‍ය රැජිනගේ නීතිඥ Richard J Rogers, ඇමරිකාවේ Heather Ryan, සහ ඉන්දීය විනිසුරු Ajit Prakash Shah යනාදීන් මෙම කමිටුවට ඇතුලත් අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී සම්මත කල යෝජනා සහ නිර්දේශ වලට අනුව යුද අපරාධ පිළිබඳ අධිකරණ ක්‍රමවේදය කෙලෙස සැකසී ඇද්ද යන්න පිළිබඳව නිරීක්‍ෂණය කිරීම එම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වේ.

Top