Featured

භික්ෂුන්ට හෝ දකුණේ ආණ්ඩුවට නයිනාතිව් වෙනස් කරන්න බෑ

සිවුරු පෙරවාගත් භික්ෂුන් වහන්සේලා තියා දකුණේ ආණ්ඩුව විරුද්ධ වුවත් යාපනය අර්ධද්වීපයේ පිහිටා ඇති දූපත නාගදීපය යනුවෙන් නම් කිරීමට කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පෙරේදා දමිළ මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.යම් හෙයකින් එවන් තිරණයක් ගැනිම්ට දකුණේ ආණ්ඩු කටයුතු කලහොත් එය අනාගතයට විදවන සිදුවිමක් විය හැකි බවයි ඔහු පවසා ඇත්තේ.

ඉංග්‍රිසි භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් නයිනාතිව් යනුවෙන් ආමන්ත්‍රණය කරන යාපනය අර්ධද්වීපයේ පිහිටා ඇති දූපත නාගදීපය යනුවෙන් නම් කිරීමට කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බවත් සිංහල ජනතාව එම දූපත නාගදීපය යනුවෙන් හෝ වෙනත් නමකින් ආමන්ත්‍රණය කිරීම පිළිබඳව මා හට කිසිඳු විරෝධයක් නොමැති බවද ශිවාජිලිංගම් පවසා තිබේ.

නයිනාතිව් යන දෙමළ නම දකුණේ ආණ්ඩුව රහසේම නාගදීපය යනුවෙන් වෙනස් කර, ප්‍රාදේශීය සීමා නිර්ණය කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති හේතුවෙන් එම නම නැවත නයිනාතිව් ලෙස වෙනස් කර ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවට උතුරු පළාත් සභාව පසුගිය 05 වැනිදා යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

කියවන්න –රටකට ගිය කලක් -නාගදීපය වැදලත් හමාරය

“නාගදීපෙ නම වෙනස් කලොත් එක දෙමළ නමක් තියන්නෑ”- සද්ධාතිස්ස හිමි

අත්අඩංගුවට ගෙන සිටින කොටි සාමාජිකයින්ව නිදහස් කරන ලෙස මේ දිනවල දෙමළ ජාතික සංධානය විසින් විශාල හඬක් නඟමින් සිටී. එසේම නාගදීපය නම වෙනස් කර නයිනතිව් ලෙස නම් කිරීම සඳහාද විශාල කතිකාවක් ඇති වී ඇත. මෙලෙස කොටි සාමාජිකයින් නිදහස් කිරීම සම්බන්ධව හා නාගදීපයේ නම වෙනස් කිරීම සම්බන්ධව විරෝධය දක්වමින් රාවණා බලය සංවිධානය විසින් ඊයේ(19) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් භාර දී ඇත.

එම අවස්ථාවේදී රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් පවසා ඇත්තේ නාගදීපයේ නම වෙනස් කිරීමට කටයුතු කළහොත් කොළඹ එකම දෙමළ නමක් හෝ නොතියන බවයි.

Top