LNN SPY

සරසවි සිසුන්ට පහරදිමට නියෝග දුන් කිරි කිරි ටොයියා

දින සියයට අපමණ අගයක්,ගුටිකන යුගයක්…..උදාකර දෙමින් විශ්ව විද්‍යාල සිසුන්ටඉතිහාසයේ නරකම විදියට පහරදිම සදහා පොලිස් කැරලි මර්දණ එකකයට ඔඩර් එක දි ඇති පුද්ගලයා කවුරුන්ද යන්න LNW විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

ඒ වෙන කවුරුවත් නොව කලක් රාජපක්ෂලා සමග දිය යටින් අරන් ගිය පසුව යහපාලකයන්ට කොකා පෙන්වා ආරක්ෂක අමාත්‍යාංශයට රිංගා ගත් එතනිනුත් නතර නොවි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනගේ අමාත්‍යංශ කාමරය පමණක් නොව තනතුරේ බලය පවා අඩු කිරිමට තරම් මෛත්‍රීපාලට කේලම් කී කිරි කිරි ටොයියෙකු වන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂය.ලංකාවේ නිදහස් අධ්‍යාපණ නිවැරදිව හදාරා නැති රඛිත යන්තම් තාත්තාගේ දිය
යටින් ගිනී ගෙනයෑමේ දේශපාලනයට පිංසිදුවන්නට ලන්ඩනයේ කරක් ගසා සල්ලි වලින්
අධ්‍යාපණය ලැබුවෙකි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාගේ පුත් රඛිත නිර්මල රාජපක්‍ෂ  ආරක්ෂක අමාත්‍යංශයේ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස පත්වුවද දැන් රඛිත තරම් අරක්ෂාව සම්බන්ධයෙන් උපදේශකයකු නැති බවයි අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

ඊයේ අරලියගහ මන්දිරය දෙසට පෙලපාලිකරුවන් ගමන් කිරිමත් මාර්ග තදබදය ඇති කරන බවටත් චෝදනා කරමින් පොලිසිය යහපාලන ආණ්ඩුවෙන් අන්තරේ පා ගමනට ම්ලේච්ච ප්‍රහාරයක් එල්ල කළ අතර සමාන්‍යයෙන් විරෝධතාවයක් විසුරුවිමට පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරිමේදි පොළොවට සමාන්තරව ඉහලට අංශක 45ක කොණයක් අරෝහන(ඉහලට) එල්ල කල යුතු වුවද නිදහස් අධ්‍යපණය ලබා රටේ ඉහලට එන්නන් සමග බද්ධ වෛරයෙන් පසුවන උන්ගේ ප්‍රකාශයන් හේතුවෙන් ඊයේ යහපාලන කුලී පොලිස් කරුවන් සිසුන් බිම ඉදගෙන සිටින විටදි කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කරනු මාධ්‍ය හරහා දකින්නට ලැබුනා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පාසල් තුල මුදල් අය කිරීම නීතිගත කල නව චක්‍රලේඛය අහෝසි කරගන්නා ලෙසත්, මාලඹේ,කොතලාවල ඇතුළු සියලු උපාධි කඩ අහෝසිකරගන්නා ලෙසත්, විවෘත විශ්වවිද්‍යාලයේ සිසු ගැටළු විසදන ලෙසත් ඇතුලු ඉල්ලිම් 14ක් මුල් කරගනිමින් මෙම දැවැන්ත පා ගමන පැවැත්වුවා.

මෙම පා ගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කර ජනාධිපති මන්දිර දෙසට ගමන් කරන අවස්ථාවේදී කොල්ලුපිටිය මංසන්දිය අසලදී සිසුන්ට පොලිසිය විසින් ජල ප්‍රහාර, කදුළු ගෑස් හා බැටන්පොලු පහරද එල්ල කලේය. මෙම පහරදීම විනඩි 30කට ආසන්න කාලය පැවතුනි. පහරදීමෙන් අනතුරුව සිසුන් 5 දෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඔහුන්ට අමානුශික ලෙස පහර දී තිබේ. 

අපමණ අගයක්,ගුටිකන යුගයක්….විරෝධතා පාගමනේ සිසු ඉල්ලිම්

1)පාසල් තුළ මුදල් අය කිරිම  නීතිගත කරන නව චක‍්‍රලේඛය අහෝසි කරනු!
2)මාලඹේ, කොතලාවල ඇතුළු සියලූ උපාධි කඩ අහෝසි කරනු!
3)අඛණ්ඩ සත්‍යග‍්‍රහය දින 100 ඉක්මවයි. විවෘත විශ්වවිද්‍යාලයේ සියලූ සිසු ගැටළු විසදනු!
4)මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලන, මර්දන නීති දීර්ඝ කරන වැඩපිළිවෙලට එරෙහිවෙමු!
5)අධ්‍යාපනය විකිණීමේ නව සැලසුම යෝජිත ශිෂ්‍ය ණය ක‍්‍රමය හකුලා ගනු!
6)බිබිලේ නම විකුණමින්, රෝගීන් සූරාකන, සමාගම් තරකරණ ඖෂධ පනත හකුලා ගනු!
7)සිසුන් බලහත්කාරයෙන් දේශන ශාලාවලට ගාල් කිරීම නවතනු! අධ්‍යාපනයේ නිදහස ලබාදෙනු!
8)දෙනවා කිව්ව 6%ත් නෑ. අයවැයෙන් අධ්‍යාපනයට සත පහක්වත් වැඩි කරලත් නෑ. අධ්‍යාපනයට ප‍්‍රතිපාදන ඉහල දමනු!
9)ශිෂ්‍ය කප්පාදුව වහා නවතනු!
  භික්ෂු බඳවාගැනීම් ඉහල දමනු!
10)ජානක – සිසිත ඝාතනය හෙළිදරව් කරනු!
11)ත‍්‍රස්ථ විමර්ශන අංශය මඟින් පැහැරගෙන ගොස් දින 200ක් තිස්සේ රදවාගෙන සිටින  සෙන්දිල් කුමාර් සුදර්ශන් සහෝදරයා නිදහස් කරනු!
12)යාපනය, නැගෙනහිර සරසවි තුළ සිදුකරන මිලිටරි මැදිහත්වීම් නවතනු!
13)උසස් තාක්ෂණ ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු! HNDA පාඨමාලාවට හිමිව තිබු උපාධි සමානතාවය නැවත බලාත්මක කරනු!
14)දිනාගත් මහපොළ වැඩිකිරීම මෛත‍්‍රි-රනිල් ආණ්ඩුව කොල්ලකයි. මහපොළ හා ශිෂ්‍යාධාර වාරික වහා ඉහල දමනු!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top