Featured

ඉක්මනින්ම ඔය වෙබ් කාරයෝ ටික මර්දණය කරන්න වෙනවා -මර්දණයට දේශප්‍රේමී පණතක්!

තවදුරටත් ආණ්ඩුව කරගෙන යෑමට අවශ්‍ය නම් වහාම රටේ ආණ්ඩු විරෝධී වෙබ් අධවි පවත්වාගෙන යන්නන් මර්දණය කිරිමට කටයුතු කලයුතු බව මෛත්‍රීපාල සිරිසේනගේ බත් බැලයෙකු වන ජනතා ඡන්දයෙන් පරාජය වි රටේ අවාසනාවට යලිත් ඇමතිවරයෙකු වු එස්.බි දිසානායක ජනාධිපතිවරයාට පවසා තිබේ.ඊයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂ හමුවක් සඳහා කැඳවා තිබු අතර අය-වැය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡා අතරතුර එකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරිත්වය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇති අතර එම සාකච්ඡා අතරතුර වෙබ් අධවි හරහා යහපාලන ආණ්ඩුවට එරෙහිව ගෙනයන සටන පිළිබඳවද ඇමතිවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.

ඒ සමගම පිංගුත්තර අමාත්‍ය එස්.බි දිසානායක “සර්…සර්ව ඉලක්ක කරගෙන වෙබ් අධවි දිගට හරහට ගහනවා…..ඒ ලියන ගොඩක් දෙවල් නිකම්ම ඇත්ත වෙනවා….. ආණ්ඩුව දිගටම කරගෙන යන්න ඔනෑ නම් ඉක්මනින්ම ඔය වෙබ් කාරයෝ ටික මර්දණය කරන්න වෙනවා….” යනුවෙන් පවසා තිබේ.

එවිට ජනාධිපතිවරයාද එය අනුමත කරමින් පවසා ඇත්තේ…ඒ ගැන වෙනම කතා කිරිමට අවශ්‍ය බවයි…..

මේ අතර ත්‍රස්‌ත මර්දන පනත වෙනුවට ඇමරිකාවේ දේශප්‍රේමී පණතට සමාන පනත් කෙටුම්පතක්‌ ගෙන ඒමට රජය යහපාලන රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.එම පනත හරහා පවතින රජයට දේශප්‍රේමීන් කවුරුන්ද යන්න තමන්ගේ අධිකරණ ක්‍රියාවලියක් හරහා තීරණය කල හැකි වන අතර දේශ ද්‍රෝහින් වන් අයට දඩුවම් කිරිමට පොට පාදා ගත හැකි වනවා.

Top