Breaking
23 Feb 2025, Sun

Blue Mountain පල් හොරු රටින් පනී!

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම අප විසින් කරල ලද අනාවරණයන් හමුවේ අනාථ වි සිටි බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි පුවත් පත්,වෙබ්, රූපවාහිනී දැන්වීම් හරහා අමු කෙප්ප ප්‍රචාරය කරමින් ජනතාව ගොනාට අන්දවා පසුගිය මාස කිහිපය තුල එකතු කරගත් මුදල් සමග රටින් පැනයාමේ සුදානමක් පවතින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

බිලියන 14 ක වත්කම් ඇති බව පවසමින් ඇතැම් මාධ්‍ය කාරයන් අල්ලාගත් හිරාන් හෙට්ටිආරච්චි ඔහුන්ට විවිධ සන්තෝෂම් ලබාදෙමින් ගොනාට ඇන්දවු තරම මේ වනවිට අනාවරණය වි තිබේ. අතර බිලියන 14 ක වත්කම් ඇතැයි කියන සමාගමක සභාපතිවරයා ලෙස කටයුතු කරන හිරාන් හෙට්ටිආරච්චිට තමන්ගේම නිවසක් වත් නැති අතර ඔහුද ජිවත් වන්නේ කුලී නිවසක බව මහා උජාරුවට බොරු දැන්විම් දමන මාධ්‍ය කාරයන්වත් නොදන්නවා විය හැක.

බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරය හා ඉඩම් වෙන්දේසි සමාගම (Blue Mountain Properties Building Nation) පසුගිය කාලසිමාවේ ලංකාවේ බිහිවු වංචනීක මුල්‍ය ආයතන වලට නොදෙවැනි බව අප වගකිමෙන් අනාවරණය කරමු.කවර හෝ මොහොතක ජනතාව ආයෝජනය කරන කෝටි ගණන් මුදල්ද සමග බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන් අතුරුදහන්විමේ අවදානමක් තිබේන බව අප පලමුව අනාවරණය කළේ සැප්තැම්බර් 14 වැනිදාය.

එම අනාවරණය කියවන්න – ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties හා එහි අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන විනීෂ් අතුකෝරාලගේ වංචනික ක්‍රියාවන් හෙලිකිරිමත් සමග Blue Mountain Properties සමුහ ව්‍යාපාරයක් ලෙස පෙනී සිටිමින් ජනතාවගේ මුදල් කොටි ගණනින් වංචාකර ඇති ආකාරය අප නිරන්තරයෙන් හෙළිදරවු කරමින් සිටින අතරතුර මාධ්‍ය මාෆියා කරුවන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ මෛත්‍රීගේ බත් බැලයන් සමග එක්ව Blue Mountain Properties සමාගම සල්ලි හුරාගත් අයෝජකයන් කල පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ කිරිම නතර කර දැමිමට කටයුතු කළා.

එම අනාවරණය කියවන්න-ජනතා මුදල් ගසාකන Blue Mountain වංචා සොයන්න පොලිස් විමර්ශන!

දැන් උදාවි ඇත්තේ Blue Mountain සක්විත්තන්ගේ අවසන් ජවනීකාව වන අතර ඒ අනුව මේ ගෙවිගිය මාස 2ක පමණ කාලයක් තුල අතේ සතේ නැතිව හතර අතටම ණය වි සිටි සක්විති හිරාන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තවත් දෙදෙනෙකු ලගදිම රටින් හොර රහසේම පැන යැමට සුදානම් බව මේ වනවිට අප විශේෂ වාර්තාකරුවන් තහවුරු කරගෙන තිබේ.

එය තහවුරු කරමින් පසුගියදා හිරාන්ගේ පක්කලි ගොලයා වන  විනීෂ් අතුකෝරාල සිය සමිපතම බැංකු මිතුරාට පවසා ඇත්තේ “ඔය ණය ප්‍රශ්ණ ඔක්කෝම තව ටික දවසයි…..ඊට පස්සේ අපී නිදහස් “යනුවෙනි. Blue Mountain සමගම මේ වනවිට බිලියන ගණනක් බැංකු සදහා ණය වි ඇති අතර එකම ඔප්පුව බැංකු කිහිපයකටම උගස් තැබිමටද කටයුතු අක්ල සමාගමකි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.