Featured

මහවිරුවන්වන්ට (කොටි ත්‍රස්තවාදීන්ට) පාර්ලිමේන්තුවේ ගෞරවය දක්වලා -හෙට බලපෑම් කලොත් ආණ්ඩුවේ ආරක්ෂක අංශ වල අවසාන දවස විය හැකි-කලාපීය ආරක්‍ෂාව පිළිබඳ නිත්‍ය නියෝජිත හෙට මහවිරු උත්සවයට

දෙමළ ඊළාම් මාතෘ භූමියේ විමුක්තිය වෙනුවෙන් සටන් කර, තම ජීවිත පරිත්‍යාග කල මහවිරුවන් (කොටි ත්‍රස්තවාදීන්ව)අනුස්මරණය කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවත් උතුරු හා නැගෙනහිර ජනතාව කිසිදු බියකින් තොරව එම උත්සව සදහා සහභාගි වන ලෙසත් දකුණේ හමුදා හෝ පොලිසි වලට ඒ සදහා කිසිදු බලපෑමක් කල නොහැකි බවත් යම් බලපැමක් කලහොත් එය දකුණේ ආණ්ඩුවේ මෙන්ම එම ආණ්ඩුවේ ආරක්ෂක අංශ වල අවසාන දවස විය හැකි බව දෙමළ ජාතික සන්ධානය දමිළ සංවිධාන වලට නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, 2015.11.24 වන දින පාර්ලිමේන්තුවේ පැවැති අයවැය යෝජනාව පිළිබඳ විවාධයට සහභාගි වී කතා කල අවස්ථාවේදී දෙමළ ඊළාම් මාතෘ භූමියේ විමුක්තිය වෙනුවෙන් සටන් කර, තම ජීවිත පරිත්‍යාග කල මහවිරුවන්ට දෙමළ ජාතික සන්ධානය ගෞරවය දක්වා ඇති බවට අත් පත්‍රිකා තොගයක් මුද්‍රණ කර බෙදා හැරිමට ඊළාම් මවුබිම සංවිධානය කටයුතු කර තිබේ.

දෙමළ ජනතාවගේ අයිතීන් සඳහා වන විමුක්ති සටනේදී, තම ජීවිත පරිත්‍යාග කල මහවිරුවන් අනුස්මරණය කරන මහවිරු සතිය 2015.11.21 වන දින ආරම්භ වන ලදි. 2015.11.27 වන දින දක්වා මහවිරුවන්ව(කොටි ත්‍රස්තවාදීන්ව) අනුස්මරණය කිරීමට ඊළාම් ජනතාව පෙළගැසීය යුතුය යනුවෙන් එහි සදහන් කර තිබේ.

මේ අතර හෙට පැවැත්ත්වෙන කොටි ත්‍රස්තවාදීන් අනුස්මරණය කිරිමේ ප්‍රධාන උත්සවයට සහභාගි විම සදහා ශ්‍රී ලංකාව සඳහා වන බ්‍රිතාන්‍ය සහ දකුණු ආසියානු රටවල් 02ක කලාපීය ආරක්‍ෂාව පිළිබඳ නිත්‍ය නියෝජිත සිමෝන් බොන්ඩ්ගේ නායකත්වයෙන් යුත් තිදෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යාපනයට පැමිණ සිටින බව අප යාපන විශේෂ වාර්තාකරු සදහන් කළා.

Top