Featured

මහවිරු දිනයට බලපැම් එපා ආරක්ෂක අමාත්‍යංශයෙන් උතුරට නියෝගයක්! කොටි ත්‍රස්තයන් සැමරිමට සියල්ල සුදානම්!

හෙට කොටි ත්‍රස්තවාදීන්ගේ මහවිරු දිනයේ සැමරුම් උත්සව සදහා කිසිදු මැදිහත් විමක් නොකරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය උතුරේ සියලුම ආරක්ෂක අංශ වලට දැනුම් දිමක් කර තිබේ.උතුරු පළාත් භාර ආරක්ෂක ප්‍රධානින් හරහා ආරක්ෂක අංශ වලට දැනුම් දි ඇත්තේ හෙට දවස තුල සියලුම ආරක්ෂක සංචාරක නතර කර දමා සිය කදවුරු හා බැරක්ක වලට වි කාලය ගත කරන ලෙසයි.

මේ අතර “දෙමළ මාතෘ භූමිය පුරා 2015.11.27 වන දින කෝවිල්, දේවස්ථාන යනාදී සෑම ස්ථානයකම පහන් දල්වා ගෞරවය දක්වන මෙන් සියළුදෙනාට ආරාධනා කර සිටින්නෙමි. කෝවිල් වලට යෑමට නොහැකි පුද්ගලයින් තම නිවසේ හෝ පහන් දල්වා මියගිය ඥාතීන්ට ගෞරවය දක්වන මෙන් ඔබලාගෙන් ඉල්ලා සිටින්නෙමි.” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ‍.ශිවාජිලිංගම් සියළු දෙමළ ජනතාවට සහ සංවිධාන වලට අනිවාර්ය කරමින් ලිපියක් යවා තිබේන බව අප යාපන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

Top