Featured

සිරිකොත වටලන්න හදන ඇමතින්ගේ තටු කැපේ

වහාම කැබිනට් සංශෝධනයක් කර අමාත්‍ය මණ්ඩලය තුල සිටින එක්සත් ජාතික පක්ෂයේම අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ අමාත්‍යංශ වෙනස් කිරිමට කටයුතු කලයුතු බවත් ඒම වෙනස් කිරිමට කවුරුන් විරුද්ධ වුවද තමන්ට එය අදාළ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ඇතැම් ඇමතිවරුන් තමන්ට විරුද්ධව කටයුතු කිරිම මෙම හදිසි තීරණයට හේතු වි ඇති බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

සජිත් පාර්ශවයට සහය දෙන ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් එක්සත් ජාතික පක්ෂය නිර්දය ලෙස විවේචනය කරමින් විවිධ කණ්ඩායම් හරහා මුදල් වැයකරමින් පක්ෂයට විරුද්ධ කටයුතු කිරිමත්,සිරිකොත පක්ෂ මුලස්ථානය වටලා නැවතත් කලබලයක් ඇති කිරිමේ උත්සහයක් ඇති බවටත් එජාපයේ රනිල් පාර්ශවයේ මන්ත්‍රිවරුන් අගමැති වරයාට දැනුම් දි තිබේ.

ඒ අනුව සජිත් පාර්ශවයේ කැරලිකාර මන්ත්‍රීවරුන් මර්දණය කිරිම සදහා ඔහුන්ට මේ වනවිට ලැබි ඇති අමාත්‍යංශ බලතල තවදුරටත් කප්පාදු කිරිමට වහාම ක්‍රියාකරන ලෙස එජාප මහ ලේකම් කබීර් හෂිම් අමාත්‍යවරයාට අගමැතිවරයා නියෝග කර තිබේ.

Top