Breaking
20 Apr 2025, Sun

දුමින්ද හිපාටුවාගේ පොර ටොක්

මෛත්‍රීපාල සිරිසේනගේ පස්ස සිබිමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරට පත්ව ආණ්ඩුවේ කප්පම් කල්ලියේ ප්‍රධානි තනතුර උසුලන කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ප්‍රධාන කාර්යාලයේදී පැවති රැස්විමකදි පොර ටොක් එකක් දි තිබේ.

ඒ පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට නැවත මේ රටේ බලය ලබාගැනීමට උත්සාහ කළද ඉදිරියේදී ඒ මහතාගේ නායකත්වයෙන් දේශපාලනය කිරීමට හිඩැසක්‌ හෝ අවස්‌ථාවක්‌ නොමැති බවයි

“මහින්ද මහත්තයයි, මෛත්‍රි මහත්තයයි අතර ආරවුලක්‌ තිබෙනව. ඒ නිසා පක්‍ෂයත්,පාක්‍ෂිකයොත් දුක්‌විඳින්න ඕනද? මෛත්‍රී මහත්තයට මහින්ද මහත්තය පක්‍ෂයේ සභාපතිකම භාරදුන්නෙ සුබවාදීව හිතල. එසේ සුබවාදීව භාරදුන් පක්‍ෂය මහින්ද මහත්තය හිතාමතා හෝ එසේ නොමැතිව හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව එතුමාගේ කීර්ති නාමය සහ රූපය භාවිත කර තමයි විනාශ කරන්නෙ.”

මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනය කිරිමට අවස්ථාවක් හෝ ඒ හරහා බවත් බලය ගැනිමට දුමින්ද දිසානායක වැනි හිපාටුවෙකුගෙන් අවස ගැනිමට අවශ්‍ය නැත.අනිත් අතට ඔය ආකාරයට තමන්ගේ එවුන් කිහිප දෙනෙකු වටකර ගනිමින් මහින්දට එරෙහිව වහසී බස් දෙඩු එවුන්ට වුනු දේ සමහර විට කප්පම් දුමින්දට අමතක වි වන්නට පුලුවන. අනිත් අතට රාජපක්ෂලාගේ ඇති හොද ගතිගුණ නිසා ශ්‍රිලනී පක්ෂයේ සභාපතිකම සිරිසේන වැනි පාවා දෙන්නේකුට ලබාදුන්නද රටේ ජනතාව කිසිදිනක ශ්‍රිලනිප සභාපති හැටියට තියා රටේ නායකයා හැටියටවත් සිරිසේනව පිලිගෙන නැති බව දුමින්දලා පමණක් නොව සිරිසේනලාගේ ගේ පිලිකන්නේ ඉදුල් කන එවුන් දැන සිටිම අතිශය වැදගත්‍ ය.

කප්පම් දුමියා ගැන – විෂ සහිත CIC පොහොර මුදා හරින්න “දුමින්ද” මිලියන 150ක් ඉල්ලයි

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.