Featured

මම ඔය මහින්දට හොද පාඩමක් උගන්වනවා …..

අයවැයට එකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ඡන්දය නොදුන් මන්ත්‍රිවරුන් අවසාන අවස්ථාවේ ඡන්දය දිම හෝ ඡන්දය දිමෙන් වැලකි සිටිමට කටයුතු නොකලහොත් පසුව කරදර වලට ලක්විය හැකි බවට තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

අය වැය දෙවන වර කියවීමට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රිලනිප මන්ත‍්‍රිවරුන් ඇතුළු සන්ධානයේ සෙසු පක්‍ෂවල මන්ත‍්‍රීවරුන් සියළු දෙනා අයවැයට විරුද්ධ ඡන්දය ප්‍රකාශ කල අතර ඊට දින කිහිපයකට පෙර සිටම ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බිලිගැනිම සදහා මෛත්‍රී උත්සහ කලද මහින්ද රාජපක්ෂට පක්ෂ රටට පක්ෂ කිසිදු මන්ත්‍රිවරයෙකු මෛත්‍රීගේ එම උගුලට හසුවුයේ නෑ.

අයවැය අවසන්වර කියවිමේදි එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සියලුම දෙනා අකමැත්තෙන් වුවද ඡන්දය ප්‍රකාශ කලයුතු බවත් එසේ නොකරන සියලුම මන්ත්‍රිවරුන්ට එරෙහිව පරණ වැරදි සියල්ලම් සොයා බලා නීතියමය කටයුතු කිරිමට කටයුතු කරන බව මෛත්‍රී සිය කප්පම් අමාත්‍ය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පැරෂුට් මහා ලේකම් දුමින්ද දිසානායක අතේ පණිවිඩ එවමින් සිටින බවයි අනාවරණය වන්නේ.

“මම ඔය මහින්දට හොද පාඩමක් උගන්වනවා …..එයා ඉන්නකම් මුන් ඔක්කොම නටනවා..බලමු කොහොම්ද මම ඉස්සරහට කරන දෙවල් වලින් මහින්ද ගැලවෙන්නේ කියලා …. ” යනුවෙන් දුමින්ද දිසානායක ඇතුලු මෛත්‍රීගේ බත් බැලයන් හමුවේ මෛත්‍රී පවසා තිබේ.

මිට අමතරව යහපාලන ආණ්ඩුවේ ISISත්‍රස්තවාදීන් සමග සමීප සබඳතාවයන් පවත්වන යහපාලන ආණ්ඩුවේ අංක එකේ දුෂිතයා ලෙස කිරුළ දරා සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාද මේ වනවිට තැන තැන ගොස් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට විරුද්ධව විවිධ කතා පතුරවමින් සිටි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට එක් නොවන බවත් ජනතා විරෝධි අයවැයක් නිසා ඒකාබද්ධ විපක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරිම කිසිවෙකුටත් නතර කිරිමට නොහැකි බවද පසුගියදා අවධාරණය කළා.

Top