Featured

උතුරේ කොටින්ට යහපාලන ආණ්ඩුවෙන් ආධාර – 9වැනිදා ආරම්භ වේ

කොටි ත්‍රස්තවාදීන්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් සටන් කල මහවිරු පවුල් සහ හිටපු සටන්කාමීන් සඳහා රජයේ අධාර යටතේ ජීවනෝපාය ආධාර පිරිනමන දිනයන් නිවේදනය කර තිබේ.

මේ සඳහා ලියාපදිංචි වූ ප්‍රතිලාභීන්ගෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම 147 දෙනෙකුට රු:50,000ක් වටිනා ආධාර පිරිනැමීමේ වැඩසටහන් පහත දිස්ත්‍රික්කයන් හි පැවැත්වීමට නියමිත අතර ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කල දැනුම්දීම ලද ප්‍රතිලාභීන් නොවරදා පහත ස්ථාන වෙත පැමිණෙන ලෙස අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් දන්වා තිබේ.

ඒ අනුව පහත දිනයන් හි සඳහන් කර ස්ථාන වලදී ආධාර පිරිනැමීමට නියමිතය.

2015.12.09 යාපනය – නාවලර් වීදීයේ ඇති අමාත්‍යංශ කාර්යාලයේදී 1100 පැයට 2015.12.11 වව්නියාව – ග්‍රාම සංවර්ධන ශාලාව 1000 පැයට 2015.12.11 මුලතිව් – කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශාලාව 1400 පැයට 2015.12.12 කිළිනොච්චිය – කරච්චි ප්‍රාදේශීය සභා ශාලාව 1000 පැයට

මේ අතර චෙන්නායි හි ඇතිවූ ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමේ අරමුණින් නාම් තමිලර් පාක්‍ෂිකයින් භාණ්ඩ රැස්කිරීමේ කටයුතු වල නිරතවී ඇත. මෙම කටයුතු වල නිරතවී ඇති බොහෝ වාහන වල කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සහිත බැනරයක් සවිකර තිබීම විශේෂත්වයකි.

prabalorry

Top