Featured

මම මෛත්‍රීගේ කුණු වැඩ කළා මම සභාපති -තිලංග

“මම මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ හැම කුණු වැඩක්ම කලා…මාව අනිවාර්යයෙන් ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති තනතුර දක්වා ගෙනියන්න එතුමා මට උදවු කරනවා …..”යනුවෙන් බුකි කරුවෙකු වු ජනවරමක් නැති කුජිත නී.කථානායක ,තිලංග සුමතිපාල අප විශේෂ වාර්තාකරුවෙකු සමග පවසා තිබේ.

ලබන ජනවාරි මස 3 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ සභාපති තනතුර සඳහා හිටපු ක්‍රිකට් සභාපතිවරයෙක් වූ තමන් නාමයෝජනා ලබාදුන්නේ ජනාධිපතිවරයාගේ කැමත්ත මත බවද ඔහු සදහන් කර තිබේ.

පසුගිය මහා මැතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන විසින් මුසල එස්.බි දිසානායක ලවා ලියවා මේ ගැනත් සිතන්න පක්ෂය රැකගෙන්න” යනුවෙන් මහින්ද විරෝධී මඩ පොත මුද්‍රණය කර බෙදා හරිමේ කූට උපක්‍රමයේ යෙදුනු බුකිකරුවාද තිලංග වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය ඇතුළු ඉහළ නිලතල සඳහා දේශපාලකයන්ට ඉදිරිපත් වීම තහනම් කෙරෙන කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා ඇමැති මලික් සමරවික‍්‍රම මහතා කටයුතු සුදාන්ම් කර තිබු අතර මෛත්‍රීගේ බලපෑම් මත එම කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගැනිමට මලික්ට සිදුවු බවද මෙ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේ උප සභාපති තනතුර සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද නාම යෝජනා ලබා දුන් අතර නාම යොජනා භාර දිමෙන් පසුව අර්ජුන තිලංගව දැඩි ලෙස විවේචනය කළා.

Top