LNN SPY

හිරූ-ෆොනී නව දීගෙක- අනෝමා,සේනකට ආරාධනා නෑ

ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ බස්නාහිර පලාත් සභා මන්ත‍්‍රි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර යන අයගේ මෙහෙයවිම යටතේ මහ මැතිවරණය ඉලක්ක කරගෙන  “රටවිරු ජනතා පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමසාරිස්ට අයදුම් කර තිබෙන බව අප LNW වාර්තාකරු අනාවරණය කර සිටි.

පාර්ලිමේන්තුවේ දැනට ශූන්‍ය වි ඇති විපක්ෂයේ දායකත්වය ඉලක්ක කරගෙන මෙම පක්ෂය ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් වර්තමාන රජය කෙරෙහි දැඩි අතෘප්තියට පත් වි සිටින සහ පාලන වෙනසට දායකත්වය ලබාදුන් අය රටවිරු ජනතා පක්ෂයට එකතු වි කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවට දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් ෆොන්සේකා විකුනාගෙන කමින් ෆොනීගේ ලගටම වි සිටි හමුදාවෙන් හොරෙන් පැන්න සේනකට මෙම පක්ෂයේ කිසිදු තැනක් ලැබි නැති අතර අනෝමා ෆොන්සේකාවද මෙම පක්ෂයට සම්බන්ධ කරගෙන නැති බවද වාර්තා වේ.

මේ අතර සරත් ෆොන්සේකාගේ තනතුර උසස් කිරීම රට හමුදාකරණයක සැලැස්මක් බවත් ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරන බවත් යහපාලන ආණ්ඩුව වෙනුවෙන් උදේ රෑ කඩේ ගිය ප්‍රා සංවිධානයේ සාමාජිකයෙකු වන නිමාල් රංජිත් දේවසිරි පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top