Featured

අධිකරණ ඇමති විජේදාස,ඇවන්ගාඩ් සභාපති සමග ඩිස්නිලන්තයේ

2006දී විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ සංචාරය කළ බවත්, එහිදී ඉඳුම් හිටුම්, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත්,වෙල් විදානගේ සරත් ෆොන්සේකා අනාවරණය කර සිටි. ඒ අනුව විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ කල සංචාරයේ ඡායාරූප දැන් නිකුත් වී තිබේ.

මේ  අතර ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබාගත්තේ නැති බවත් එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලය ගොඩනැඟීමට ආධාරයක් කරන්නැයි ඉල්ලා සිටි බව ෆොන්සේකා ඊයේ අනාවරණය කළා.

එසේ වුවද තමාගේ කාර්යාලයේ වැඩ කළ කපිල රත්නායක නැමැත්තා සේනාධිපතිගෙන් අල්ලස් ගත්තාදැයි තමන් නොදන්නා බවත්, එසේම ඔහු දූෂිතයෙකු නිසා පක්ෂයෙන් ඉවත් කළ බවත්, ෆොන්සේකා පැවසීය.කපිල රත්නායක ප්‍රාඩෝ රථයක් භාවිතා කළ බවද එය කොහෙන්දැයි ඇසූ විට එය තමාගේ ඥාති සහෝදරයෙකුගෙන් ලැබුණ එකක් යැයි පැවසූ බවද ෆොන්සේකා බබා වෙමින් කියා සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී බිලියන 02ක් යටි මඩි ගසා ඇති බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ අදඅනාවරණය කළා.ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව නඩු පවරන ලෙස තමාගේ නීතිඥයින්ට උපදෙස් දී ඇති බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය දා සදහන් කළා.

කියවන්න- වෙලේ විදානේ 2010 ජනාධිපතිවරණයෙදි බිලියන 2කට කෙලවලා -අනුරගෙනුත් ගේම ඉල්ලයි -විජයදාස යහපාලන රෙදි ගලවයි

විජයදාස රාජපක්ෂ කියන්නේ හොරෙක් වංචාකාරයෙක් යැයි තමන් නොබියව පවසන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ඇවන්ට්ගාඩ් සිද්ධිය හරහා අල්ලස් ගත් කෙනෙක් යැයි තමන් මීට පෙරද මහරගම වේදිකාවකදී පවා අනාවරණය කල බව කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

කියවන්න –විජයදාස රාජපක්ෂ පට්ට හොරෙක්

විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ කළ සංචාරය

Wijayadasa_Nishshanka_LNW (1) Wijayadasa_Nishshanka_LNW (2) Wijayadasa_Nishshanka_LNW (3) Wijayadasa_Nishshanka_LNW (4) Wijayadasa_Nishshanka_LNW (5) Wijayadasa_Nishshanka_LNW (6) Wijayadasa_Nishshanka_LNW (7) Wijayadasa_Nishshanka_LNW (8)

 

Top