Breaking
20 Apr 2025, Sun

අධ්‍යාපන අමාත්‍යංශයේ ටෙන්ඩර් අතයට විකිනේ

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පාසල් සිසුන් සඳහා පාවහන් බෙදා දීමේ ව්‍යාපෘතියක් පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ආරම්භ කරන ලද අතර මෙම වැඩසටහන ඔස්සේ සියළුම පාසල් සිසුන්හට වසරකට වතාවක් පාසල් පාවහන් බෙදා දීමට කටයුතු කෙරේ. මෙය ඉතාම කාලෝචිත මෙන්ම වටිනා ව්‍යාපෘතියක බවට පත්වන්නේ පාවහන් ශ්‍රී-ලංකාවේ පාසල් නිල ඇඳුමේ මූලික අංගයක් වීම නිසායි. මෙම ව්‍යාපෘතිය යටතේ වසරකට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාවහන් යුගල් ලක්ෂ 6-7 ත් අතර ප්‍රමාණයක් පාසල් දරුවන් අතර බෙදා දීමට කටයුතු කරති.

වත්මන් රජයද මෙම ව්‍යාපෘතිය නොකඩවා කරගෙන යාමට තීරණය කළේ එහි ඇති වැදගත්කම හේතුවෙනි. මෙම වසරේ පාසල් පාවහන් බෙදාහැරීම සඳහා අධ්‍යාපන අදාත්‍යංශය විසින් ටෙන්ඩර් කැඳවූ අතර ඒ සඳහා පාසල් පාවහන් නිශ්පාදනය කරන සමාගම් 5ක් ටෙන්ඩර් ඉදිරිපත් කොට තිබුනි.

මේ සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී එකී සමාගම් විසින් පාසල් වල බෙදා දීමට නියමිත සියළුම ප්‍රමාණවල පාවහන් සඳහා මිළගණන් ලබාදිය යුුතු අතර එම සමාගම් වසර 3කට වඩා කාලයක් පාසල් පාවහන් නිපදවීමේ ක්ෂේස්ත්‍රයේ නිරතව තිබුණ සමාගම් වියයුතුය. එමෙන්ම මෙම අයැදුම්කරුවන් විසින් සිය පාවහන්; කාර්මික තාක්ෂන ආයතනය (ITI), කාර්මික සංවර්ධණ මණ්ඩලය(IDB) හෝ ශ්‍රී-ලංකා පේෂකර්ම හා ඇඟැළුම් ආයතනය (SLITA) යන ආයතනයක් මඟින් තත්ව පරීක්ෂන සහතිකයක් ලබා ගතයුතුව ඇත.

මෙම ටෙන්ඩරය ලබාදීමේ දී තනි සමාගමකට ලබා නොදී සමාගම් කිහිපයක් අතර බෙදා දුන්නේ තනි සමාගමක් වශයෙන් මෙම ටෙන්ඩරය නිම කිරීමට හැකියාවක් මේ කියන කිසිඳු සමාගමකට නොහැකි වීම තුලයි. එමෙන්ම මේ ආකාරට මෙම ටෙන්ඩරය ශ්‍රී-ලාංකික සමාගම් කිහිපයක් අතර බෙදා දීමට කටයුතු කිරීම තුලින් ලැබෙන තවත් ප්‍රතිලාභයක් වන්නේ පාසල් පාවහන් ක්ෂේස්ත්‍රය තුල මේ කියන කිසිඳු සමාගමක් ඒකාධිකාරයක් ගොඩනඟාගැනීම වැලකීමත් ඒ තුලින් සිදුවේ.

ටෙන්ඩර් කැඳවීම අවසානයේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කල පරිදි එක් එක් සමාගම විසින් ලබා දී තිබූ මිළ ගණන් පහත පරිදි වේ.

ඩී.එස්.අයි.

කුඩා ප්‍රමාණයේ සයිස් 9-11 රු. 813/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 12-1 රු. 850/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 2-4 රු. 887/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 5-8 රු. 931/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 9-10 රු. 1,078/=

සරසවි (ඔගෙල්)

කුඩා ප්‍රමාණයේ සයිස් 8-11 රු. 820/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 12-1 රු. 870/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 2-4 රු. 920/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 5-10 රු. 1,020/=

ෆීනික්ස්

කුඩා ප්‍රමාණයේ සයිස් 10-11 රු. 800/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 12-1 රු. 844/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 2-4 රු. 872/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 5-8 රු. 922/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 9-10 රු. 1,075/=

බාටා

කුඩා ප්‍රමාණයේ සයිස් 9-11 රු. 766/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 12-1 රු. 810/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 2-4 රු. 856/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 5-8 රු. 900/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 9-10 රු. 1,050/=

කෙවින් පොලිමර්

කුඩා ප්‍රමාණයේ සයිස් 8-11 රු. 783/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 12-1 රු. 821/=

සාමාන්‍ය ප්‍රමාණයේ සයිස් 2-4 රු. 851/=

සාමා,න්‍ය ප්‍රමාණයේ සයිස් 5-7 රු. 896/=

සයිස් 8, 9, 10 සඳහා මෙම සමාගම මිලගණන් ඉදිරිපත්කොට තිබුනේ නැත.

එමෙන්ම මෙම සමාගමට පාසල් පාවහන් නිශ්පාදන ක්ෂේස්ත්‍රෙය් වසර 3 කට වැඩි පලපුරුද්දක් ද ඇත්තේ නැත

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු පලමු වතාවට මෙම වසරේ දී මෙම ටෙන්ඩරය සම්පූර්ණයෙන්ම වාගේ තනි සමාගමකට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ටෙන්ඩර් කමිටුව කටයුතු කොට තිබේ. මෙසේ ලබා දීමේ දී අඩු මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් වෙනුවට මෙම ටෙන්ඩරයෙන් වැඩිම කොටසක් වැඩිම මිළක් ඉදිරිපත්කොට ඇති ඩී.එස්.අයි. සමාගමට ලබාදීමට කටයුතු කොට තිබේ. මීට අමතරව ටෙන්ඩර් දැන්වීමේ මූලික සුදුසුකම් සම්පූර්ණකොට නැති කෙවින් පොලිමර් සමාගමට පාවහන් 50,000 ක් සඳහා අවස්ථාව ලබා දී තිබේ.

පසුගිය වසරේ පාවහන් ලක්ෂ 6ක් බෙදා දීමට කටයුතු කරන ලද අතර එම අවස්ථාවේ දී ඩී.එස්.අයි. සමාගම පාවහන් යුගල් ලක්ෂ 4ක් සඳහා ටෙන්ඩරය ලබාගත් නමුත් එවර ඔවුන්ට එම ඇනවුම ඉටුකිරීමට හැකියාව ලැබී නැත. එම අවස්ථාවේ දී මදි වූ පාවහන් යුගල් 40,000ක ප්‍රමාණය ලබාදීමට කටයුතුකොට ඇත්තේ ඔවුන් සමඟ ටෙන්ඩරයෙන් කොටසක් භාරගත් ෆීනික්ස් නැමැති පාවහන් නිෂ්පාදන සමාගමයි.

අනෙකුත් සියළුම ඉල්ලුම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් නිසි ප්‍රමිතිකරණ සහතික ඉදිරිපත් කොට තිබිය දී නොයෙකුත් තාක්ෂණික හේතු මතුකරමින් ප්‍රතික්ෂේප කිරීමට ටෙන්ඩර් කමිටුව කටයුතුකොට තිබේ.

කටයුතු මෙසේ සිදුවෙද් දී පාසල් පාවහන් බෙදා දීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා ටෙන්ඩර් කමිටුව විසින් කැබිනට් අනුමැතිය ලබාගැනීමට කටයුතු කොට ඇත්තේ අනුමැතිය ලබාගන්නේ ලැබී ඇති අඩුම මිළගණන් වලට යයි සඳහන් කරමිනි.

ටෙන්ඩරය සඳහා අයැදුම් කළ අනෙකුත් සමාගම් මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ටෙන්ඩර් කමිටුව ඉල්ලා සිටියද එසේ කිරීමට ඔවුන් කටයුතු කොට නොමැති බව ද වාර්ථා වේ.

තවද අභ්‍යන්තර ආරංචිමාර්ග තුලින් වාර්ථාවන ආකාරයට මෙම ටෙන්ඩරය ලබාදීම මෙසේ සිදුවීමට ටෙන්ඩර් කමිටුවට සම්බන්ධ ගණකාධිකාරවරයෙකු ද ඇතුළු ටෙන්ඩර් කමිටුවේ පුද්ගලයන් කිහිපදෙනෙකුගේම බලපෑම එල්ල වී ඇති බවත්, ඔවුන්ට මේ ටෙන්ඩරය ලබාගත් සමගම් විසින් ඒ සඳහා විශාල අල්ලස් මුදලක් පිරිනමා ඇති ඇති බවත් දැනගන්නට තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින මෙම කණ්ඩායම විසින්ම මෙම පාවහන් සම්බන්ධ ටෙන්ඩරයට අමතරව පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ටෙන්ඩරය ද ඔවුන්ගේ හිතවතෙකු වෙත අයථා ආකාරයට ලබාදීමට කටයුතු කොට ඇති බවත් මේ පිළිබද තොරතුරු හෙළිදරව් වීම හේතුවෙන් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තීරණයකොට ඇති බවත් අප වෙත වාර්ථා වී ඇති අතර ඒ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු ඉදිරියේ දී ඔබවෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.